දකුණේ පිරිස් ප්ලේන්ටි බාගයට හුරු වෙති . . .

දකුණේ ඇතැම් තේ  කඩවලින්  ප්ලේන්ටි භාගයක් ලබා ගැනීමට බොහෝ පිරිස් පුරුදුව සිටින බව වෙළෙඳහල් හිමියෝ පවසති.  තේ එකක මිල රුපියල් 50ක් වන අතර රුපියල් 25ක් දී ප්ලේන්ටි භාගයක් මිලට ගැනීමට ඇතැම් පිරිසක් කටයුතු කරයි.

වැඩි වශයෙන්ම දිනපතා එකම ගනු දෙනුකරුවන් පිරිසක් පැමිණෙන ඇතැම් ඇඟලුම් කම්හල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතනවල ආපනශාලාවලද මෙම ක්‍රමය බහුලව දක්නට ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයක ආපන ශාලා හිමිකාරියක් මෙසේ කීවාය.

මම මේ රස්සාව කරන්න වෙලා සෑහෙන කාලයක් වෙනවා. ඇත්තෙන්ම මහත්තෙයෝ මේ වගේ කාලයක් නම් එයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ. ඔය ලස්සනට ඇඳල ආවට ඇතැම් නෝනල මහත්තුරු බනිසක් කාල ඇල්වතුර වීදුරුවක් බීල බඩ පුරව ගන්නව. කෑම එකක් කාල තේ බොන අය අඩුයි. සමහරු හැලපයක් අරන් හයට විතර කඩල කහට බීල යනවා.

අපි කන හැටි ලිපා දනී. කියනව නේ. ඒක තමයි කියන්න තියෙන්නෙ. ඉස්සර මේසෙ වාඩිවෙලා දිග ඇරගෙන කාපු බත් එක අද කන්නෙ කොලයෙන් වට කරගෙන වහගෙන. හරියට මල්වර වෙච්ච ගෑනු ළමෙය නාවන කොට වගෙයි. හතර වටේම වහගෙන.

දැක්කම දුක හිතෙනව. කාහොම හිටපු මිනිස්සුද? ඕකයි මහත්තෙයෝ ඇත්ත. අපටත් දැන් කිසිම දෙයක් නිකං දෙන්න බෑ. ඉස්සර එහෙම දුන්න.

  • ධර්‍මදාස සිරිවර්ධන
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුද්දරයකට ඔබේ ඡායාරූපය දා ගන්න අවස්ථාවක් . . .

Wed Mar 6 , 2024
තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත පිරිනමා තිබේ. තැපැල්පති රුවන් සත්කුමාර පැවසුවේ මෙරට පැරණිතම පුද්ගලික වාණිජ බැංකුවක සංවත්සරය සැමරීම වෙනුවෙන් මුල්දින කවරයක් එළිදැක්වීම වෙනුවෙන් අද (06) පෙරවරුවේ දී පැවති උත්සවයකට එක්වෙමින් තැපැල්පතිවරයා මේ බව කියා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x