පැරණි සෙල්ලිපි තුනක් අම්පාරෙන් . . .

ඉපැරණි සෙල් ලිපි තුනක් අම්පාර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති බව කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.

පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බක්මිටියාව – තිඹිරිගොල්ල රක්ෂිතයේ රොටවැව ජලාශයට ආසන්නයේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමක් සහිත ඉපැරණි බෞද්ධාරාමයක නෂ්ඨාවශේෂ විසිරී ඇති බවට හදුනාගෙන ඇති ස්ථානයක පැරණි සෙල්ලිපි හතරක් සම්බන්දයෙන් අධ්‍යයනයක් කිරීම සදහා මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිසක් පසුගිය දා එම ස්ථානයට පැමිණ සිටියහ.

ඔහු සමග කැළණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යන අංශයේ පස්චාත් උපාධි පාඨමාලාවක් හදාරන පිරිසක් පැමිණ සිටි අතර, මෙම ස්ථානයේ පිහිටි සෙල් ලිපි පිටපත් කර, එම සෙල්ලිපි වලින් කියවෙන දේ තේරුම්කර, මෙම ස්ථානයට ඓතිහාසික වටිනාකමක් ලබාදී‍ම සහ වෘත්තීමය වශයෙන් කටයුතු කරමින් සිටින මෙම සිසු සිසුවියන්හට සෙල් ලිපි පිටපත් කිරීම සහ කියවීම පිළිබඳව ප්‍රායෝගික පුහුණවක් ලබාදීම මෙහි අරමුණ බව ඔහු පැවසීය.

මෙම සෙල් ලිපි මෙයට පෙර වාර්තාවී, හදුනාගැනීමක් සිදුවී නොමැති බැවින්, එහි අඩංගු කරුණු අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්දයෙන් ජනතාව දැණුවත් කිරීම සදහා ප්‍රසිද්ධියට පත්කිරීමට අදහස් කරන බවත්, ඔහු  පැවසීය. ක්‍රි.ව.100 – 200 කාලයට, 300 – 400 කාලයට සහ ක්‍රි.ව.500 – 600 කාලයට අයත් මෙතෙක් වාර්තා නොවූ සෙල්ලිපියක් බව ඔහු කියයි.

මේ වනවිටත් පුරා විද්‍යා නිලධාරීන්ගේ ගවේෂණයට ලක් නොවූ මෙම ස්ථානය සිංහ පර්වත විහාරය ලෙසින් හදුනාගෙන ඇති අතර, පැරණි රජවරුන්ගේ වන්දනාමානයට ලක්වූ ස්ථානයක් බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

  • ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ග්ලුකෝමා රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් . . .

Wed Mar 6 , 2024
මෙරට ජනගහනයෙන් සියයට 5ක පමණ ප්‍රමාණයක් ග්ලුකෝමා රෝගයට ගොදුරු වී ඇති බව බවට ඇස්තමේන්තු ගත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි. ඔහු පවසන්නේ, ලොව පුරා ග්ලුකෝමා රෝගයෙන් පීඩාවිඳින ප්‍රමාණය මෙන්ම මෙරට තුළ ද මෙම රෝගයට ගොදුරු වූවන් ප්‍රමාණයේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බවය. “ලොකේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x