අන්තරේ කැඳවුම්කරුට සහ සරසවි සිසුවාට ඇප . . .

නීති විරෝධී රැස්වීමට සමාජිකයින් වී සාමය කඩවන අයුරින් ක්‍රියාකර පොලිස් නිලධාරීන්ට සාපරාදී බලහත්කාරකම් සිදු කළේ යැයි අත්අඩංගුවට පත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු හා සබරගමු විශ්ව විද්‍යාල සිසුවා ඇප  මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ අද(07) නියෝග කළේය.

සිසුන් විසින් සිදුකළ නීති විරෝධී ක්‍රියා මොනවාද යන්නෙන් විමසූ පැනයට පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා ඇප නියෝගය නිකුත් කළේය.

සැකකරුවන් කිසිදු අනර්ථයක් සිදුකර නොමැති බව පොලිසිය මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කළ පැනයට පිළිතුරු දෙමින් පැවසීය.

මෙලෙස රුපියල් ලක්ෂ පහ බැගින් වූ ඇප දෙකක් මත නිදහස් වූයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් ඉන්ද්‍රජිත් සහ සබරගමු විශ්වවිද්‍යාලයේ බුද්ධික නිමල ප්‍රභාෂ් සැකකරුවන්ය. බොරැල්ල පොලිසිය මගින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

  • රෝෂන් තුෂාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වරදකරුවන්ට වසර 20කට පසු මරණීය දණ්ඩනය . . .

Thu Mar 7 , 2024
වසර විස්සකට ඉහතදී ගැටමාන්න දකුණ කඳුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ දෙදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.සිංගප්පුලි විසින් අද (7 වැනිදා) මරණීය දණ්ඩනය නියම කළේය. මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ ගැටමාන්න, කඳුගොඩ ඉහළවත්තේ පදිංචිව සිටි ගාල්ලආරච්චිගේ පියතිලක (අවු.55) සහ ගැටමාන්න, කඳුගොඩ, බෝගහවත්තේ පදිංචි ගාල්ලආරච්චිගේ රුවන් තරංග (අවු.38) […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x