කැනඩාවේදී 6 දෙනෙකු ඝාතනය කළ ශ්‍රී ලාංකික සිසුවා . . .

කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් 5දෙනෙකු සහ එම පවුලේ හිතවතකු ඝාතනය කිරීමේ සිද්ධියට ශ්‍රී ලාංකික සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෆේබ්‍රියන් ද සොයිසා නම් 19 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු සිසුවෙකි.

පසුගිය බදාදා රාත්‍රීයේ තියුණු ආයුධයකින් පහරදී එකම පවුලේ මව,දරුවන් සිව් දෙනා සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කර ඇති බව ඔටාවා පොලිසිය ප්‍රකාශ කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක,හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ, දෙමස් හැවිරිදි කෙලී වික්‍රමසිංහ සහ වික්‍රමසිංහ පවුලේ හිතවතකු වූ 40 හැවිරිදි ගාමිණි අමරකෝන් යන අයවලුන් බව ඔටාවා පොලිසිය පැවසුවේය.

මෙම සිද්ධියෙන් දරුවන්ගේ පියා බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු ධනුෂ්ක වික්‍රමසිංහ නම් අයෙකි.

සැකකරුට විරුද්ධව මිනීමැරුම් චෝදනා 6 ක් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවක් ගොනු කර ඇති බව ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.

සැකකරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර නැවත එළඹෙන 14 වැනිදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ වායු දූෂණය තවත් වැඩි වෙයි . . .

Fri Mar 8 , 2024
කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තව දුරටත් අයහපත් වෙමින් පවතින බව බව කාලගුණ අංශ පවසයි. කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 158 (පීඑම්2.5) ක් ලෙස දැක්වෙන අතර එම දර්ශකය තව දුරටත් අයහපත් වුවහොත් දැඩි අවදානය යොමු කළ යුතු බවත් බලධාරීහූ පවසති. කොළඹට අමතරව අකුරණ, යාපනය සහ මහනුවර යන නගරවල වායු දූෂණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x