ජවිපෙත් මෙරට ශාපයේ දැවැන්ත කොටස්කරුවෙක් . . .

මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ,ඊයේ (25) කොල්ලුපිටියේදී පැවති රැස්වීමකදී මාධ්‍යයට අදහස් දක්වමින්.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, ජනතා විමුක්ති පෙරමුණ ගෙවල් ගිනි තියමින් ආණ්ඩු බලය ගැනීමට උත්සාහ කර එය අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මිනිසුන් එකතු කරමින් වේදිකා මත කෑ ගසන බවත් මෙරට 75 වසරක සාපයක් ගැන කියනවා නම් 83 කළබල වලින් දේපල ගිණි තියලා මිනිස්සු ඝාතනය කර අවුරුදු 30 ක යුද්ධය පටන් ගත්තු අය ද වගකිවයුතු බවයි.

එමෙන්ම නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ, තරුණයෝ 60,000 ක් 88-89 ඝාතනය කරපු අයත් එයට රටේ කඩා වැටීමට වගකිව යුතු බවත් රාජපක්‍ෂ බස් ගිණි තැබූ, ට්‍රාන්ස්ෆෝමර් ගිණි තියපු අය වගේම පසුගිය කාලයේ අරගල කරලා ගෙවල් දොරවල් ගිණි තියලා රටේ ආර්ථිකය වට්ටලා සංචාරක ව්‍යාපාරය වට්ටපු අයත් වගකිව යුතු බවත්ය.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ග්‍රහලෝකාගාරය තාවකාලිකව වැසෙයි . . .

Mon Feb 26 , 2024
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ඒ අනුව හෙට (27) සිට මාර්තු මස 12 වනදා දක්වා ග්‍රහලෝකාගාරය වසා දැමෙනු ඇත. එම දිනවල මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x