පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක් රට යන්න තැතක් . . .

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක් සිය ධුරවලින් ඉවත් වී විදෙස්ගත වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම තිදෙනා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින බවද දැනගන්නට තිබේ. පාර්ලිමේන්තුවට යළි පත්වීමට ඇති අවිනිශ්චිතතාවද ඔවුන් රට හැර යාමට තීරණය කිරීම කෙරෙහි බලපාන්නට ඇති බවත් ඉහත ආරංචි මාර්ග පැවසීය.

මේ අතර මන්ත්‍රිවරු තිදෙනෙක් රට හැර යාමට සූදානමින් සිටින බව තමන්ටද දැනගන්නට තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධනද පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චමින්ද විජේසිරි හා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නද පසුගිය දිනවල මන්ත්‍රි ධුර හැර ගිය අතර, උද්දික ප්‍රේමරත්න මේ වනවිට කැනඩාවට ගොස් සිටියි.

  • නිලන්ත මදුරාවල
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වැල්ලවත්තේ ගාලු පාර ගිලා බසී . . .

Sat Mar 9 , 2024
වැල්ලවත්ත ගාලු පාරේ ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත ආරම්භ වන මංසන්ධිය ආසන්නයේ මාර්ගය ගිලා බැස තිබේ. mawbima.lk සිදු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය තවදුරට ත් සඳහන් කළේ, මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇති බව ය. ඒ අනුව, ගාල්ලේ සිට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x