වට්සැප් පරිශීලකයින්ට අලුත් හදුන්වාදීමක් . . .

සමාජ මාධ්‍ය මෙවලමක් වන වට්සැප් මඟින් සන්නිවේදනයන්ට අමතරව අනෙකුත් වැදගත් කාර්යයන් ගණනාවක් සිදුකරනු ලබයි. කෙසේ වෙතත් මෙම සමාජ මාධ්‍ය ජාලාවල පවතින පෞද්ගලිකත්ව ගැටලුව මීට වසර ගණනාවකට පෙර සිටම ඉස්මතු වූ කාරණාවක් ලෙස දක්වන්න පුළුවන්.

විශේෂයෙන්ම ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා පෞද්ගලිකව හුවමාරු කරගැනීම සුලභව සිදුවන වාතාවරණයක පසුගිය කාලයේදී වට්සැප් විසින් සිය පරිශීලකයන් වෙතට “View Once” නම් නව Feature එකක් හඳුන්වා දෙනු ලැබීය. මෙයින් සිදු කරන්නේ තවකෙකුට යවන ලද ඡායාරූපයක් හෝ වීඩියෝවක් View Once යටතේ යවනු ලැබූ විට එය එක් වරක් පමණක් විවෘත කර බැලීමට ඇති හැකියාවයි. කෙසේ වෙතත් මෙම Feature යටතේ වුවද පණිවුඩය ලබන්නා හට එම මාධ්‍යයේ Screenshot එකක් හෝ Screen recording එකක් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.

මෙය යම්තාක් දුරට පෞද්ගලිකත්වය හා සම්බන්ධ කරුණක් වන බැවින් පරිශීලකයාගේ දත්තවල සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අභිලාෂයෙන් පසුගිය අගෝස්තු මසදී වට්සැප් නිවේදනය කරනු ලැබුවේ තම සමාජ මාධ්‍ය තුළ එම ක්‍රියාවලිය සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන බවත් එම ක්‍රියාවලිය යටතේ View Once පණිවුඩ සඳහා Screenshots සහ Screen Recording ලබාගැනීමට ඇති හැකියාව වළකා දමන බවත්ය. මෙලෙස ලබාදීමට අදහස් කරන Feature එක Android Beta Version එකක් ලෙස මෙන්ම iOS Beta Version එකක් හරහා ද ලබාදීමට තීරණය කර තිබෙන අතර මෙම Feature එක ඉදිරියේදී නිල වශයෙන් වට්සැප් සඳහා ලබාදීමට සූදානම් වන බව සඳහන් වේ.

මෙම පහසුකම ඔස්සේ පණිවුඩය ලබන්නා හට View Once ආකාරයේ පණිවුඩයක අන්තර්ගත වන කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝවක් කිසිදු ආකාරයකින් පටිගත කිරීමකට හෝ නැවත Screenshots ආධාරයෙන් ලබ ගැනීමට හැකියාව නොලැබේ. කෙසේ වෙතත් වෙනත් උපාංගයක් මඟින් ඡායාරූපගත කරගත හැකිවන නමුදු මෙම විශේෂාංගය මඟින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය මෙන්ම රහස්‍යභාවය ආරක්ෂා වන බවට අපට නිරීක්ෂණය කළ හැකියි.

කෙසේ වෙතත් මෙම පහසුකම තවමත් ස්ථිරවම වට්සැප් සඳහා ලබාදී නැති අතර තවමත් Android සහ iOS පරිශීලකයන් තුළ පරීක්ෂණ මට්ටමේ පවතී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රතිඤ්ඤා මිල අධික ලෙස ඉහල යයි . . .

Sat Oct 22 , 2022
ඉකුත් උත්සව සමයට සමගාමිව මෙවර දිපවාලි උත්සව සමයේ රතිඤ්ඤා සහ ගිණිකෙලි  නිෂ්පාදන මිල ඉහල යාම හමුවේ තම ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බව රතිඤ්ඤා වෙලෙදුන් පවසයි. රතිඤ්ඤා අලෙවි කිරිම සදහා රජයේ පුපුරන ද්‍රව්‍ය පාලකවරයාගෙන් බලපත්‍රයක් ලබාගෙන මෙවර දිපවාලි උත්සව සමයේ රතිඤ්ඤා ඇතුළු ගිණිකෙලි නිෂ්පාදන අලෙවි කිරිමට කටයුතු කල බවත්, රතිඤ්ඤා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x