ලෝක රූ රුජින චෙක් ජනරජයෙන් . . .

චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා, 2024 ලෝක රූ රුජින ලෙස කිරුළු පැලඳියාය. ඒ, රටවල් රැසක තරගකාරිනියන් 111 ක් අභිබවා යමිනි.

මෙවර ලෝක රූ රුජින ජාත්‍යන්තර තරගාවලිය අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්වූයේ ඉන්දියාවේ මුම්බායි වෙළෙඳ අගනගරය කේන්ද්‍රකොට ගනිමිනි.

23 හැවිරිදි ක්‍රිස්ට්යානා සිස්කෝවා නිරූපිකාවකි. ඇය නීතිය පිළිබඳවත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳවත් වෙන වෙනම උපාධි හදාරමින් සිටී. මීට පෙර චෙක් ජනරජ සුරූපිනියක ලෝක රූ රැජින කිරුළ දිනුවේ 2006 වසරේදීය.

ක්‍රිස්ට්යානා සිස්කෝවා ට කිරුළ පැලදීම සිදු කරනු ලැබුවේ, පසුගිය 2023 ලෝක රූ රුජින කිරැළ දිනා සිටි පෝලන්ත සුරූපිනිය කැරොලිනා බියෙලාව්ස්කා විසිනි.

මෙවර තරගාවලියේ දී දෙවැනි ස්ථානය දිනුවේ, ලෙබනනය නියෝජනය කළ සුරූපිනී යැස්මින් මයිටෝන්ය. තෙවැනි ස්ථානය දිනුවේ, ටි්‍රනිඩෑඩ්  සහ ටොබාගෝ දූපත් රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය ආචේ ඒබ්‍රහෑම්ස්ය.

  • සී.එන්.එන්.
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලොව පැරණිතම පොසිල වනාන්තරය හමුවෙලා . . .

Sun Mar 10 , 2024
විද්‍යාඥයින් පිරිසක් විසින් පසුගියදා නිරිතදිග එංගලන්තයේ වෙරළ තීරයේ ගල්පරවලින් ලොව පැරණිතම පොසිල වනාන්තරය සොයාගෙන තිබේ. ඒ සමර්සෙට් හි මයින්හෙඩ් නගරය අසල උස් වැලිගල් සහිත කඳුකර ප්‍රදේශයකිනි. . මෙම වනාන්තරය අයත් ව ඇත්තේ වසර මිලියන 390 කට පෙර කාලයට බව වාර්තා වන අතර කේම්බ්‍රිජ් සහ කාඩිෆ් විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් වැඩිදුරටත් පවසා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x