ගෝටාට රටින් පනින්න උදවු කලේ මමයි . . .

ගෝඨාභය රාජපක්ෂ ට රටේ ඉන්න බැරි වූ මොහොතේ රටින් පිටවීම සදහා තමන් උදව්කල බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

බණ්ඩාරණායක ගුවන්තොටුපොලින් ගෝඨාභය රාජපක්‍ෂ ට රටින් පිටව යාම සදහා තමන් උදව්කල ආකාරය සුගීස්වර බණ්ඩාර ඇතුලු ඇතුලේ සිටි පිරිස දන්නා බවද හිමියන් පැවසූහ.

ඒ බව නොදැන පොත්වල තමන්ගේ නම සදහන් කර ඇති බවත් වගකිව යුතු හාමුදුරුවරුන් ලෙස තමන් පමණක් නොව තවත් මහා සංඝරත්නය බොහෝ පිරිසක් අරගලයට පැමිණි බවද උන් වහන්සේ අවධාරණය කරති.

තමන් පෙනී සිටියේ ඒ අවස්ථාවේදී රටේ දුක්විදින මහජනතාව වෙනුවෙන් බවත් තවත් පෙන්වා දෙති.

ඇඹිළිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.

  • ප‍්‍රගීත් ජනක

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වැඩවර්ජනයක . . .

Wed Mar 13 , 2024
වැටුප් ගැටලුවක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දෙවන දිනටත් අද (13) ක්‍රියාත්මක වේ. අද පස්වරු 4.30 දක්වා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් සඳහන් කළේය. “ඊයේ දහවල් 12ට දිවයිනේ තියෙන ජාතික විශ්වවිද්‍යාල 17ම අධ්‍යයන නොවන සේවක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x