විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වැඩවර්ජනයක . . .

වැටුප් ගැටලුවක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දෙවන දිනටත් අද (13) ක්‍රියාත්මක වේ.

අද පස්වරු 4.30 දක්වා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් සඳහන් කළේය.

“ඊයේ දහවල් 12ට දිවයිනේ තියෙන ජාතික විශ්වවිද්‍යාල 17ම අධ්‍යයන නොවන සේවක මණ්ඩලය සේවයෙන් ඉවත් වුණා. මෙයට ප්‍රධානම හේතුව පසුගිය ජනවාරි මාසයේ 22 වනදා සාකච්ඡාවේ දී අපිට පොරොන්දු වුණා විශ්වවිද්‍යාලවල වැටුප් කප්පාදුව නිවැරදි කරනවා කියලා. තාමත් එය නිවැරදි කරලා නෑ. ඒ නිසා වැඩවර්ජනය ක්‍රියාත්මකයි. බලධාරීන් මේකට විසඳුම් ලබාදෙන්නේ නැත්නම් අපිට සිදුවනවා ලබන සතියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වෙන්න.”

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අසෝක තිලකරත්න දිවි ගමනට සමුදෙයි . . .

Wed Mar 13 , 2024
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය. ඒ මහතා මෙරට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ පෙරගමන්කරු ලෙස සැළකෙන රිජ්වේ තිලකරත්න මහතාගේ එකම සොහොයුරාය. dinamina

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x