දියවැඩියා රෝගීන් වැඩිම ආසියානු රට ශ්‍රී ලංකාව . . .

රෝගීන්ට ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ 850න් ඖෂධ 820-830ත් අතර ප්‍රමාණයක් රෝහල්වල ඇති බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පැවසීය.

ශ්‍රී ලංකා කායික රෝග විද්‍යාතනය ඊයේ (13 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි කායික රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා SLCIM යනුවෙන් නිල වෙබ් අඩවියක් එළි දැක්වීය. එම අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ ආර්ථික අර්බුදයක් පැවතියද මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ මිලදි ගැනීම සඳහා සැලකියයුතු මුදලක් ලැබී තිබෙන බවත් ඒ අනුව ඖෂධ ගෙන්විම සඳහා අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකරමින් සිටින බවත් ඇමැතිවරයා කීවේය. එසේම රෝහල්වලට ‍දේශීය වශයෙන් අවශ්‍ය ඖෂධ මිලදි ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මේ වනවිට ඖෂධ හදිසි මිලදි ගැනීම් සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවත් ඉදිරියේදි ඖෂධ හිඟය මග හැරි යනු ඇති බවත් සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

එමෙන්ම මේ වනවිට ජනතාව අධික ලෙස සීනි භාවිත කිරීමට පෙළැඹි ඇති බවද ඒ හේතුවෙන් ආසියාවේ දියවැඩියා රෝගින් වැඩිම රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

එසේම මෙරට ජනතාව කිරිපිටි භාවිතය අවම කරන්නේ නම් ලෙඩ රෝග බොහෝමයක් අඩුවනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

– වරුණි පෙරමුණ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා මිය යයි . . .

Thu Mar 14 , 2024
මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා මියගොස් ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පවසයි. රිදියගම සෆාරි උද්‍යානයේ සිට අභිජනන කටයුත්තක් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට සීබ්‍රාව රැගෙන ඒමෙන් අනතුරුවයි. දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් චෝදනා කරන්නේ එම සත්වයාව රැගෙන ඒමේදී ලබා දුන් අධි මාත්‍රා එන්නත හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x