නවලෝක රෝහල වෙන්දේසි කිරීමට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කෙරේ . . .

නවලෝක රෝහල් සංකීර්ණය හා දේපොළ වෙන්දේසි කිරීමට සීමාසහිත හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ලබන 25 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (13) නියෝග කළේය.

නවලෝක මෙඩිකල් සෙන්ටර් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද යළි කැඳවනු ලැබීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් විසින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

පෙත්සම්කාර සමාගම නීතිඥ සනත් විජයවර්ධන මාර්ගයෙන් අධිකරණයේ හමුවේ කියා සිටින්නේ නවලෝක රෝහල සහ ඊට අදාළ දේපල තමන් යටතේ පවතින බවයි.

තමන් විසින් වග උත්තරකාර හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් මිලියන 200ක අයිරාවක්ද රුපියල් මිලියන 300 ක් හා මිලියන 255 බැගින් වූ කාලීන ණයක් ද ලබාගෙන තිබූ බව පවසන පෙත්සම්කාර සමාගම එම ණය පහසුකම් ලබා ගැනීමේදී තමන් යටතේ පවතින දේපල උකසට තැබූ බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

එහෙත් එම ණය පහසුකම් වලට අදාළව හිඟ වශයෙන් ගෙවිය යුතුව තිබූ රුපියල් කෝටි 60 කට අධික ණය සහ පොලී මුදලක් ගෙවීම පැහැර හැර බව සඳහන් කරමින් තම දේපළ 2023 වසරේ මැයි මස 26 වනදා වග උත්තරකාර බැංකුව විසින් වෙන්දේසි කිරීම සඳහා දැන්වීම් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

එම තීරණයට එරෙහිව තමන් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩු පැවරූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අදාල වෙන්දේසිය අත් හිටුවමින් වාණිජ මහාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළ බව සඳහන් කරන පෙත්සම්කරු පසුව වාණිජ මහාධිකරණය විසින් එම අතුරු තහනම් නියෝගය ඉවත් කළ බවත් කියා සිටියේය.

ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණයේ තීන්දුව ප්‍රතිශෝධනය කර තම දේපළ වෙන්දේසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ සමාගම විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

මෙහිදී පෙත්සන්කාර සමාගම වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටියේය.

  • කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුහුදු කොටි නායකයකු අල්ලයි . . .

Thu Mar 14 , 2024
දකුණේ පාතාල නායකයන් සමග එක්ව ප්‍රභූ ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ මුහුදු කොටි බළකායේ හිටපු බර අවි අංශ ප්‍රධානි වේන්ද්‍රන් හෙවත් ආර්. පී. ජී. රාජා නමැත්තා මාතරට කේරළ ගංජා කිලෝ තුනක් රැගෙන එමින් සිටියදී යුද හමුදා බුද්ධි අංශය කළ මෙහෙයුමකින් අද (13 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x