ගාසා තීර­යට උග්‍ර ආහාර හිඟ­යක් . . .

ඊශ්‍රා­ය­ලය සහ පල­ස්තී­නය අතර සිර­ක­රු­වන් නිද­හස් කර­ගැ­නීම සඳහා ඊජි­ප්තුවේ සහ කටාර් රාජ්‍යයේ මැදි­හ­ත්ක­රු­වන්ට නව සටන් විරාම යෝජනා ඉදි­රි­පත් කර ඇතැයි හමාස් සංවි­ධා­නය ප්‍රකාශ කර තිබේ. අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කරන්නේ හමාස් සංවි­ධා­නය සටන් විරාම යෝජනා ඉදි­රි­පත් කර ඇත්තේ සිව්වැනි වරට බවය.

මානු­ෂීය ආධාර අපේ­ක්ෂා­වෙන් බලා සිටි පල­ස්තීන ජාති­ක­යන් පිරි­ස­කට ඊශ්‍රා­ය­ලය ප්‍රහාර එල්ල කිරී­මෙන් අවම වශ­යෙන් පුද්ග­ල­යන් 20 දෙනකු පමණ පෙරේදා මිය ගිය බවත්, තවත් 150කට අධික පිරි­සක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ දින­වල පැවැ­ත්වෙන ඉස්ලාම් රම­ලාන් උප­වාස සමය සඳහා මානු­ෂීය ආධාර වැඩි වැඩි­යෙන් අවශ්‍ය වී ඇති අතර, දකුණු ගාසා තීරයේ ආහාර බෙදා හැරීමේ මධ්‍ය­ස්ථා­න­ය­කට ද ඊශ්‍රා­ය­ල­යෙන් ප්‍රහාර එල්ල වීමෙන් පල­ස්තීන ජන­තාව දැඩි දුෂ්ක­ර­තා­වට පත්ව ඇතැයි ද වාර්තා වේ. එම ප්‍රහා­රය සැල­සුම් කරනු ලැබූ ප්‍රහා­ර­යක් බව ගාසා තීරයේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. පසු­ගිය වසරේ ඔක්තෝ­බර් මාසයේ සිට මේ දක්වා ගත වූ කාලය ඇතු­ළත පල­ස්තී­නු­වන් 31,341 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් 73, 134 දෙනකු තුවාල ලබා ඇතැයි ද ගාසා තීරයේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය වැඩි­දු­ර­ටත් නිවේ­ද­නය කර ඇතැයි වාර්තා වේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මහ බැංකුවේ සේවකයින්ගේ 25%කින් පඩි කපාගනී . . .

Sun Mar 17 , 2024
මහ බැංකුවේ සේවකයන්ට වැඩිකළ වැටුප සියයට විසිපහකින් අඩු කිරීමේ යෝජනාවක් මහ බැංකුවේ ඉහළ නිලධාරීන් අතරින්ම ඉදිරිපත්වී ඇති අතර ඔවුන් ඒ පිළිබඳ සාකච්ඡා කර ඇතැයි ද එහි ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවෙන්, සෙසු රාජ්‍ය සේවකයන්ගෙන් සහ මහජනතාවගෙන් දිගින් දිගටම එල්ල වන විරෝධතා නිසාවෙනි. මහ බැංකුවේ අධ්‍යක්ෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x