පලමුව මහ මැතිවරණය පැවැත්විය යුතුයි . . .

ජනාධිපතිවරණය ට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

එසේ නොවුනහොත් මහජන මතය නිවැරදි ආකාරයෙන් පිළිබිඹු නොවන බවද හෙතෙම පෙන්වා දෙයි.

මහජන මතය නිවැරදිව පෙන්වන පාර්ලිමේන්තුවක් බිහිවෙනවා දැකීමට තමන් කැමැති බවද හෙතෙම සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියි.

කෙසේ වෙතත් මහ මැතිවරනයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය මේ වන විටත් යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වට ගණනාවකදීම ඉහළ ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධිපතිවරණය මුලින් පැවැත්වීමටයි.

විපක්ෂයේ පක්ෂ කිහිපයකින් මන්ත්‍රීවරුන් කොටසක් සම්බන්ධ කරගෙන ජනාධිපතිවරණයකට මුහුණ දීම වඩා සුදුසු බවද එහිදී වැඩි අවධානයකට යොමුව ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉඩම් බෙදා දීමේ ජාවාරමක් . . .

Sat Mar 16 , 2024
ප්‍රධාන මාර්ග දෙපස කුඹුරු ඉඩම් රැසක් කාලයක් තිස්සේ හිතා මතාම වගා නොකර පුරන්වන්නට ඉඩ හැර ඒවා විවිධ පුද්ගලයන්ට සංවර්ධන කටයුතු සඳහා ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. රටේ කිසිදු කුඹුරු ඉඩමක් ගොඩකිරීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරට දැනුම් දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x