තර්ජන නැති ප්‍රභූන්ගේ රැකවලුන් ළඟදීම ඉවතට

ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්   ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන්  සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කඩිනමින්  ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් රාජ්‍ය බුද්ධි සේවයට  පසුගිය සතියේදී දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ටිරාන් අලස් පැවසුවේ දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අනවශ්‍ය ආකාරයට ලබාදී ඇති පොලිස් නිලධාරීන්  ළඟදීම ඉවත් කිරීමට කටයුතු කරන බවයි

ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් නොමැති පුද්ගලයන්ට මේ ආකාරයට පොලිස් නිලධාරීන් පන්දහසකට ආසන්න පිරිසක් යොදවා සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මේ තත්වය හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය  රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ගේ බරපතළ  හිඟයක් මතුව ඇතැයි වාර්තා වේ.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කුරුලු උණ යළිත් ව්‍යාප්ත වෙයි . . .

Sun Mar 17 , 2024
කුරුලු උණ ව්‍යාප්ත වීම හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුයින් ජනපදවලට වැඩි බලපෑමක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කුරුලු උණ රෝගය නම් H5N1 වෛරසය ඇන්ටාක්ටිකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය මුහුදු ලිහිණියන් වැනි කුරුල්ලන් අතර මෙන්ම පෙන්ගුයින් සත්ත්වයින් අතර ව්‍යාප්ත වෙමින් පවතින බවද සදහන් කරයි. මෙය මාරාන්තික තත්ත්වයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x