රේගු නිලධාරීන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක . . .

අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (18) 4 වන දිනටත් ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි. 

එහි සභාපති අමිල සංජීව පැවසුවේ, බලධාරින්ගෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි.

මේ අතර, රේගු වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල ප්‍රමාණයක් අවහිර වී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල සඳහන් කළේ ය.

ඒ් රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ පවතින ගිණුමක් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමින් පසුගිය සිකුරාදා රේගු වෘත්තීය සමිති කිහිපයක් අතිකාල සේවාවලින් ඉවත් වී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය.

රේගු නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරිවරුන්ගේ සංගමය සහ රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට ඇතුළත් ය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ‍ පැවසුවේ මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රදැල්ල රක්ෂිතයේ නිධන් හෑරු 6ක් අත්අඩංගුවට . . .

Mon Mar 18 , 2024
පානම පොලිස් වසමට අයත් රදැල්ල රක්ෂිතයට අනවරසයෙන් ඇතුළු වී නිධන් සෙවීමේ අරමුණින් කැණීම් කළ බව කියන සය දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරින් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලව, පොතුවිල්, නිට්ටඹුව, බිබිල, කුරුණෑගල හා පානම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් සන්තකයේ තිබී ගෑස් සිලින්ඩරයක්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x