ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක් . . .

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

ඒ, අනුව එම මුදලින් මිලියන 50ක් අපනයන, සංචාරක, තාක්ෂණ, කෘෂිකර්ම සහ නිෂ්පාදන අංශවල ඌන සේවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වෙන්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙහිදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ණය සඳහා අර්ධ ණය ඇපකර සපයන සීමා සහිත ජාතික ණය ඇපකර ආයතනය හරහා රජයේ කොටස් දායකත්වය සඳහා මෙම ණය ආධාරය ලබා දීමට සැලසුම් කර ඇත.

ඉන් මෙරට ආර්ථිකයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර දළ දේශීය නිෂ්පාදිතයට ඔවුන් සියයට 52ක දායකත්වයක් සපයන බවයි ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට විශේෂයෙන් කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යවසායන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම වැදගත් බවයි.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජේතවන දා ගැබේ පිපිරීමක් . . .

Mon Mar 18 , 2024
බුදුරජාණන් වහන්සේගේ “පටි ධාතුව” තැන්පත් කර ඇති  ගඩොලින් තනන ලද ලොව විශාලතම ස්තූපය ලෙස සැලකෙන අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ සිට පහලට සතර දෙසය  පිපිරීම් දක්නට  ඇතැයි වාර්තා වේ. පුරාවිද්‍යා හා විද්වත් සෘජු මැදිහත්වීමක් ලබාදී තාවකාලික පැලැස්තර විසඳුම් ලබා නොදී ස්ථිරසාර විසඳුමක් මේ සඳහා ලබා දීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් වන ලෙසට ජනතාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x