ජේතවන දා ගැබේ පිපිරීමක් . . .

බුදුරජාණන් වහන්සේගේ “පටි ධාතුව” තැන්පත් කර ඇති  ගඩොලින් තනන ලද ලොව විශාලතම ස්තූපය ලෙස සැලකෙන අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ සිට පහලට සතර දෙසය  පිපිරීම් දක්නට  ඇතැයි වාර්තා වේ.

පුරාවිද්‍යා හා විද්වත් සෘජු මැදිහත්වීමක් ලබාදී තාවකාලික පැලැස්තර විසඳුම් ලබා නොදී ස්ථිරසාර විසඳුමක් මේ සඳහා ලබා දීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් වන ලෙසට ජනතාව ඉල්ලීමක් කරති.

මහසෙන් රජ දවස ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ දී ජේතවනාරාමය ඉදිකර ඇත.එය උසින් අඩි 400ක් ලෙස දැක්වේ. සංස්කෘතික අරමුදල 1982 වසරේ ආරම්භ කරන ලද්දේ ද ජේතවනය කේන්ද්‍ර කර ගනිමිනි. මේ ස්ථූපය ලෝක උරුම ස්ථාන අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනියි.

මේ සම්බන්ධයෙන් අප මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ ගෙන් සිදු කල විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධව සතිපතා නිරන්තර සොයා බැලීම් සහ පිළියම් කරමින් අවශ්‍ය සියලු කටයුතු සිදු කරනවා.මෙවැනි පිපිරීම් සාමාන්‍යයෙන් සෑම ස්තූපයකම දැකිය හැකියි.

මෙහි ඇති පිපිරිමි සම්බන්ධව විද්වත් කණ්ඩායමක් සහ ඉංජිනේරුවරුන් පිළියම් සිදු කරනවා

මෙහි පමණක් නොව රුවන්වැලි සෑයේද යම් යම් ඉරි තැලීම් තිබෙන බව සඳහන් කළ මහාචාර්ය මහාචාර්ය ගාමීණී රණසිංහ වසර 2500 ක් පමණ පැරණි ඉතිහාසයක් තුළ මෙවැනි දේ සිදු විය හැකි බවද පැවසීය.

  • බී.ජී. චතුරංග
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඊළග ජනපති එක්ක මං එකතු වෙනවා . . .

Mon Mar 18 , 2024
ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරනයේදි  දිනන්නේ  රනිල්ද සජිත්ද අනුරද කියන එක දැන්ම කියන්න බැහැ මේ අය ඉල්ලයිද කියන්නත් බැහැ මෙය දැනගන්න පුළුවන් වන්නේ අගෝස්තු මාසයේදි පමන එයින් කවුරු පත්වුනත් මේ ජනතාවට සේවය කරන්න දිනන අයත් එක්ක එකතුවෙන්න වෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි කම්කරු ජාතික පෙමුණේ නායක  පි. දිගම්බරන් පවසයි. කම්කරු සංගම‍යේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x