කොළඹ කොටස් වෙළෙඳපළෙන් වාර්තාවක් . . .

කොළඹ කොටස් වෙළෙඳපොලේ (CSE) සියලුම කොටස් මිල දර්ශක (ASPI) 2024 වසරේ මේ දක්වා ලොව හොඳම ක්‍රියාකාරී ප්‍රාථමික කොටස් දර්ශක 10 අතරට ශ්‍රේණිගත වී ඇති බව Bloomberg වෙබ් අඩවී දත්ත පෙන්වා දෙයි.

ඒ එක්සත් ජනපද ඩොලර් අනුව 12.96% ක ධනාත්මක මිල ප්‍රතිලාභයක් ලැබීම හේතුවෙනි.

Bloomberg දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දර්ශකය ඊයේ (18) වන විට ලොව හොඳම ක්‍රියාකාරී ප්‍රාථමික කොටස් දර්ශක අතර 7 වන ස්ථානයට පත්ව ඇති අතර, එය ජපන් සහ ලන්ඩන් කොටස් වෙළඳපොළ දර්ශක ද අභිබවා ගොස් තිබේ.

කෙන්යාව සහ කසකස්තානය 2024 වසරේ මේ දක්වා ගෝලීය වශයෙන් හොඳම ක්‍රියාකාරී කොටස් වෙළඳපොලවල් වන අතර, පිළිවෙළින් 28.9% සහ 20.11% ක ධනාත්මක ඩොලර් මිල ප්‍රතිලාභයක් ලබා ඇත.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොලිසියේ බැලුන් හිඟයක් . . .

Tue Mar 19 , 2024
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදී උපයෝගී කරගන්නා බැලුන් හිඟවීමෙන් පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇත. මේ වනවිට පොලිස් ස්ථානවලත් සැපයුම් කොට්ඨාසයේත් ඇත්තේ බීමත් රියැදුරන් පරීක්ෂා කරන බැලූන් එක්දහස් පන්සියයක් බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකු සඳහන් කළේය. බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී ඔවුන් මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සදහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x