පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ජනපතිට දැඩි බලපෑමක් . .

‘පාර්ලිමේන්තු මැතිවරනය මුලින් තියන්නැයි පරදින බව දන්න එජාපය සහ පොහොට්ටුව ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කරනවා’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි.

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ඔවුන්ගේ පැත්තෙන් නම් සාධාරණයි. මේ ජනපතිවරනයෙන් ආණ්ඩුව අන්ත පරාජයක් ලැබුවහම ඉන් පසු පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව තවදුරටත් පහත වැටෙනවා. රාජ්‍ය බලය සමග මැතිවරණයකට යන පක්ෂයකට මැතිවරණයකදී පුංචි වාසියක් තියෙනවා. දැන් රාජ්‍ය බලය ඔවුන් අතේ. රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය මාධ්‍ය ඔවුන්ගේ වාසියට හසුරුව ගන්න පුළුවන්.

නමුත් ජනපතිවරණය පැරදිලා නම් ඔවුන් මහ මැතිවරණයකට යන්නේ ඒ වාසිය ලැබෙන්නේ නෑ. පරදින බව දන්න එජාපය සහ පොහොට්ටුව ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කරනවා පාර්ලිමේන්තු මැතිවරනය මුලින් තියන්න කියලා.

අනික් පැත්තෙන් ගත්තොත් පොහොට්ටුව සහ එජාපය පාර්ලිමේන්තු ඡන්දය පැරදුනු ගමන් ජනාධිපතුමන් අකර්මණ්‍ය වෙලා දිනන පක්ෂයේ අගමැතිතුමන් තමයි රට පාලනය කරන්නේ. පරණ පිනක් හිසේ කඩා වැටුනා වගේ ලැබුණු ජනාධිපතිධූරයේ කාලය එසේ කෙටිකරගන්න ජනාධිපතිවරයා කටයුතු කරයි කියලා මම හිතන්නේ නෑ.

ප්‍රශ්නය :
මන්ත්‍රීවරුන් 113කු් කැමතිනම් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනපතිතුමන් කැමති කියලා රාවයක් යනවා නේද?

පිළිතුර :
ඔය පොහොට්ටුවේ නායකයෝ කෑගැහුවට පොහොට්ටුවේ මන්ත්‍රිවරු නම් දන්නවා ඡන්දයක් තිබ්බොත් ගෙදර යන්න වෙනවා කියලා. ඒ නිසා මන්ත්‍රීවරුන් 113කගේ සහය ගන්න පුලුවන් වෙන එකක් නැ.

ප්‍රශ්නය :
ඉදිරි මැතිවැරණ සදහා ඔබතුමන්ලාගේ සූදානම කුමක්ද?

පිළිතුර :
ඕනෑම මැතිවරණයක් සදහා අප සූදානම්.

  • Media unit

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කතරගම මහ කපුවාගේ වැඩ තහනම් . . .

Tue Mar 19 , 2024
රුහුණු කතරගම දේවාලයේ පවුම් 38ක් බර රන් තැටියක් පැහැරගෙන ගිය බවට චෝදනා එල්ලවී ඇති පුද්ගලයින් දෙදෙනාගේ කපු ධුරය අත්හිටුවිමට එම දේවාලයේ ප්‍රධාන බස්නායක නිලමේවරයා පියවර ගෙන තිබේ. රුහුණු කතරගම මහා දේවාලයට පුජා කළ පවුම් 38ක් බරින් යුත් රත්‍රන් තැටියක් වංචනික ආකාරයෙන් පැහැරගෙන ගිය බවට මෙම දෙදෙනාට චෝදනා එල්ලවී ඇත. කතරගම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x