කතරගම මහ කපුවාගේ වැඩ තහනම් . . .

රුහුණු කතරගම දේවාලයේ පවුම් 38ක් බර රන් තැටියක් පැහැරගෙන ගිය බවට චෝදනා එල්ලවී ඇති පුද්ගලයින් දෙදෙනාගේ කපු ධුරය අත්හිටුවිමට එම දේවාලයේ ප්‍රධාන බස්නායක නිලමේවරයා පියවර ගෙන තිබේ.

රුහුණු කතරගම මහා දේවාලයට පුජා කළ පවුම් 38ක් බරින් යුත් රත්‍රන් තැටියක් වංචනික ආකාරයෙන් පැහැරගෙන ගිය බවට මෙම දෙදෙනාට චෝදනා එල්ලවී ඇත.

කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා ලෙස කටයුතු කළ සොමිපාල තිමිලත් රත්නායක හා මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත යන දෙදෙනාගේ තනතුරු විධිමත් පරික්ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදී මෙසේ අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මෙම දෙදෙනා සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් කේ පී සිරිබද්ධන රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර ට ලිඛිතව දැනුම් දී තිබුණි.

ඒ අනුව සිදුකළ පරික්ෂණවලට අදාළව මෙම තිරණය ගත් බව බස්නායක නිලමේවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආර්ථිකය කඩා වැටුනේ කතානායක නිසා . . .

Tue Mar 19 , 2024
‘රටේ ආර්ථිකය ඇද වැටෙන්න කථානායකවරයා ප්‍රධාන හේතුවක් වුණා. කථානායක පුටුවේ සිට ගත් සෑම තීරණයක් පිටුපසම දේශපාලනය තිබුණ බව අපිට පෙනුනා. කථානායකවරයා විධායකයේ අතකොළුවක් බවට පත්වුණා. අමු අමුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කරා’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහි විශ්වාස බංගත්වය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x