“පුවක්” අපනයන බෝගයක් කරයි . . .

දැනට වැවිලි බෝගයක්  වශයෙන් නොව අතුරු වගාවක් ලෙස  ව්‍යාප්තව ඇති පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

ඒ අනුව මෙම වසරේ දී පුවක් පැළ ලක්ෂ 17ක් ගොවීන් අතර නොමිලයේ බෙදා දීමට කටයුතු යොදා ඇතැයි ද  මේ සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 37.5ක් බවද අමාත්‍යවරයා කීය.

මේ වනවිට මෙරට පුවක් වගාව හෙක්ටයාර් 13,000ක පමණ විසිරී ඇති අතර දේශීය පුවක් විශේෂවලට අමතරව එක් ගසකින් ගෙඩි 1000ක් වශයෙන් වසරකට නෙලා ගත හැකි පුවක් විශේෂ කිහිපයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී ඇතැයි අමාත්‍යාංශය පවසයි. මාතලේ සිංහ, මාතලේ චතුර හා මාතලේ රාජා එම පුවක් විශේෂයි.

පුවක් අපනයනය කිරීම මගින් මාසිකව රටට ඇමරිකන් ඩොලර් මිලියන 50ක ආදායමක් ලැබෙන අතර වාර්ෂිකව ඩොලර් මිලියන 500ක් දැනට උපයනු ලබයි.

2021 වර්ෂයේ මෙරට පුවක් මෙට්‍රික් ටොන් 23,890ක් අපනයනය කර ඇති අතර 2022 දී මෙට්‍රික් ටොන් 24,323ක් අපනයනය කර තිබේ. 2023 වර්ෂයේ දී මෙට්‍රින් ටොන් 34,771ක් අපනයනය කිරීම මගින් මෙරටට ලැබී ඇති ආදායම රුපියල් මිලියන 86,680කි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වලිග කොට­සක් සහිත අසා­මාන්‍ය දරු උප­තක් . . .

Tue Mar 19 , 2024
දරු  උප­ත්ව­ලදී ඉතා කළා­තු­ර­කින් දක්නට ලැබෙන කොඳු ඇට පෙළ අසා­මාන්‍ය ලෙස දික් වීමේ  සහ­ල­ක්ෂණ සහිත දරු උප­තක් චීනයේ සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  කොඳු­ඇ­ට­පෙළ වලිග කොට­සක් මෙන් පිට­තට නෙරා පැව­තීම එම සහ­ල­ක්ෂ­ණය වන බවත්, එම  තත්ත්වය යටතේ චීනයේ හැංෂූ ප්‍රාන්තයේ රෝහ­ලක මීට දින කිහි­ප­ය­කට පෙර එම දරු  උපත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x