ශ්‍රී ලංකාව – ඉන්දියාව යා කරන පාලමට ජනතා කැමැත්ත ඕනේ . . .

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

ඉන්දියාවෙන් අපේ රටට ප්‍රශ්න ඕනෑ තරම් ඇති බවත් ඔවුන්ගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි යැයි බලකළ බවත් අගරදගුරුතුමා කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා මෙසේ ද පැවසූහ.

“පරිප්පු ගෙනත් දැම්මා එක කාලෙක. හමුදාවක් එව්වා. ඔබට මතකයි බල කරලා ඒවා අපේ කර උඩ පැටෙව්වා. තව පාලමකුත් හදාගත්තාම හොඳට තියෙයි. කවුද මේ මෝඩ කථා කියන්නේ. අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා ඉඳලා නෑ. වෙන රටකින් කැඩිලා ගියේ නෑ. ශ්‍රී ලංකාව අතීතයේ සිටම තිබුණේ වෙනම’.

රාගම තේවත්ත ජාතික බැසිලිකාවේ පැවැති දේව මෙහෙයමකට එක්වෙමින් කාදිනල් හිමියෝ එසේ පැවසූහ.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නාමල් ගෙන් අලුත් බැංකුවක් . . .

Mon Aug 28 , 2023
නව ආයෝජන බැංකුවක් හා සංවර්ධන බැංකුවක් ඉදිරියේදී ස්ථාපිත කිරීම සිදුකලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. ඔහු මේ බව ප්‍රකාශකලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොරැල්ල ආසන බලමණ්ඩලය අමතමින්. අපි ලෝකයේ ඉදිරියට යන්න ඕනෙ ඒ සදහා අපි ව්‍යාපාරිකයින් රැක ගත යුතුයි. විශේෂයෙන්ම මහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x