පොලිසියේ බැලුන් හිඟයක් . . .

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදී උපයෝගී කරගන්නා බැලුන් හිඟවීමෙන් පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇත.

මේ වනවිට පොලිස් ස්ථානවලත් සැපයුම් කොට්ඨාසයේත් ඇත්තේ බීමත් රියැදුරන් පරීක්ෂා කරන බැලූන් එක්දහස් පන්සියයක් බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී ඔවුන් මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සදහා බැලූන් පිම්බීම සිදුකරන අතර එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරේ. කෙසේ වෙතත් මේ වනවිට බොහෝ පොලිස් කොට්ඨාසවලත් ඒ ඒ කොට්ඨාසවලට අයත් පොලිස් ස්ථාන වෙතත් ප්‍රමාණවත් බැලූන් නොමැතිවීම මත බීමත් රියැදුරන් අත්අඩංගුවට පත්වීම අඩු වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් බොහෝ පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගනු ලබන බීමත් රියැදුරන් ළඟම ඇති රෝහලක වෛද්‍යවරයකු හමුවට ගෙන ගොස් බීමත්ව සිටීදැයි පරීක්ෂා කෙරෙන බවත් රෝහල් ආසන්නයේ නොමැති ප්‍රදේශවල බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම ඉතා අඩුවෙන් සිදුවන බවත් වාර්තා වේ.

මේ හේතුවෙන් බීමතින් රිය පැදවීම වැඩි වශයෙන් සිදුවන බවත් අනතුරු වාර්තා වීම ද වැඩි බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග ද තහවුරු කර සිටියි. බීමත්ව රිය පදවා අනතුරුවලට ලක්වන පුද්ගලයන් සිය ගණනක් දෛනිකව දිවයින පුරා රෝහල් වෙත ඇතුළත් කෙරෙන බවද එම ආරංචි මාර්ග කියා සිටියි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප පොලිස් මූලස්ථානයේ ප්‍රධානියකුගෙන් විමසා සිටි අතර එහිදී ඔහු කියා සිටියේ බීමත් රියැදුරන් පරීක්ෂාවට ලක්කරන බැලූන් එක්ලක්ෂ පනස් දහසක් විදේශයේ සිට ගෙන්වා ගැනීම සඳහා සිදුකළ ටෙන්ඩර් ක්‍රියාවලිය ද අවසන් කර තිබෙන බවය. පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන මණ්ඩලය වෙත එම වාර්තා ඉදිරිපත් කර තිබෙන බවත් නොබෝ දිනකින් එම බැලූන් ගෙන්වන බවත් එම නිලධාරියා කීවේය.

කෙසේ වෙතත් බැලූන් හිඟය සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූවගෙන් කළ විමසීමකදී කියා සිටියේ බීමත් රියැදුරන් පරීක්ෂා කරන බැලූන් උපකරණ දස දහසක් පමණ දිවයින පුරා පොලිස් ස්ථානවල තිබෙන බවය. අලුතින් බැලූන් උපකරණ ගෙන්වන තෙක් මෙම උපකරණ භාවිත කළ හැකි බවය. උපකරණවල සුළු හිගයක් පැවතියත් බීමත් රියැදුරන් කොටුකරගැනීම සඳහා පවතින උපකරණ ප්‍රමාණවත් බවය.

  • එෆ්. අස්ලම්
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

"පුවක්" අපනයන බෝගයක් කරයි . . .

Tue Mar 19 , 2024
දැනට වැවිලි බෝගයක්  වශයෙන් නොව අතුරු වගාවක් ලෙස  ව්‍යාප්තව ඇති පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. ඒ අනුව මෙම වසරේ දී පුවක් පැළ ලක්ෂ 17ක් ගොවීන් අතර නොමිලයේ බෙදා දීමට කටයුතු යොදා ඇතැයි ද  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x