වලිග කොට­සක් සහිත අසා­මාන්‍ය දරු උප­තක් . . .

දරු  උප­ත්ව­ලදී ඉතා කළා­තු­ර­කින් දක්නට ලැබෙන කොඳු ඇට පෙළ අසා­මාන්‍ය ලෙස දික් වීමේ  සහ­ල­ක්ෂණ සහිත දරු උප­තක් චීනයේ සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  කොඳු­ඇ­ට­පෙළ වලිග කොට­සක් මෙන් පිට­තට නෙරා පැව­තීම එම සහ­ල­ක්ෂ­ණය වන බවත්, එම  තත්ත්වය යටතේ චීනයේ හැංෂූ ප්‍රාන්තයේ රෝහ­ලක මීට දින කිහි­ප­ය­කට පෙර එම දරු  උපත සිදු වී ඇති බවත් වාර්තා වේ. දරු­වාගේ වර්ධ­න­යත් සමඟ දින කිහි­ප­ය­කදී එය  වර්ධ­නය වී සෙන්ටි­මී­ටර් 10ක පමණ වලිග කොට­සක් මෙන් පෙන්නුම් කරන බවත් විදෙස්  මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

Tethered Spinal Cord නමැති ඉතා දුර්ලභ  මේ සහ­ල­ක්ෂ­ණය සහිත දරු­වාගේ තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍ය­වරු විම­ති­යට පත් වී  ඇති අතර,  එම වලිග කොටස සහිත දරු­වාගේ වීඩියෝ පට­යක් ද රෝහලේ ළමා සැත්කම්  සම්බන්ධ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය ලී සමාජ මාධ්‍ය­යට මුදා හැර ඇතැයි වාර්තා  වේ.

දරු­වාගේ කොඳු­ඇ­ට­පෙළ අතු­රින් පිට­තට නෙරා ඇති එම වලිග කොටස සැත්ක­ම­කින්  ඉවත් කිරි­මට මාපි­යන් විසින් ඉල්ලී­මක් කරනු ලැබු­වද, වෛද්‍ය­වරු එම ඉල්ලීම  ප්‍රති­ක්ෂේප කර ඇතැයි ද වාර්තා වේ. එය දරු­වාගේ ස්නායු පද්ධ­තිය සමඟ සෘජු­වම  සම්බන්ධ බැවින් එය ඉවත් කිරී­මෙන් දරුවා සදා­කා­ලික ආබා­ධි­ත­යකු බවට පත්වී­මට හෝ  වෙනත් ආබාධ ඇති­වී­මට හේතු වනු ඇතැයි වෛද්‍ය­වරු නිග­ම­නය කර ඇති බවත් වාර්තා  වේ. එහෙත් මෙවැ­නිම සහ­ල­ක්ෂණ සහිත දින දහ­යක බිළිඳු දරු­ව­කුගේ කොඳු­ඇ­ට­පෙළ  අතු­රින් පිට­තට නෙරා තිබූ වලිග කොටස සැත්ක­මක් මගින් සාර්ථ­කව ඉවත් කිරි­මට   පසු­ගිය වසරේ ජූනි මාස­යේදී දකුණු අමෙ­රි­කාවේ වෛද්‍ය­වරු සමත් වී තිබූ බවත්  විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

EPF නොගෙවූ සමාගමකට නඩු . . .

Wed Mar 20 , 2024
රුපියල් ලක්ෂ 48 කට අධික සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සමාගමකට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (19 වැනිදා) නඩු 3ක් පවරා තිබේ. අංක 717, බේස්ලයින් පාර, කොළඹ 9 ලිපිනයේ පිහිටි ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි ලිමිටඩ් ආයතනයට එරෙහිව එම නඩු පවරා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x