සරුංගල් තහනම් . . .

ගුවන් යානාවලට අනතුරු වියහැකි බැවින් රත්මලාන, කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ල ා සිටින බවත් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට ජංගම රථ යොදවා ඇති බවත් ගුවන් තොටුපළ පාලන අධිකාරිය පවසයි.

ගුවන් යානා නීතියට අනුව ගුවන් තොටුපොළක සිට කිලෝමීටර පහක් ඇතුළත ප්‍රදේශයේ අඩි 300 ක් හෝ ඊට ඉහළ ආකාශයේ සරුංගල් යැවීම සහ ඩ්‍රෝන යානා පාකිරීම තහනම් බවත් සරුංගල් යැවීමට භාවිතා කරන ඝන තංගුස් නූල ගුවන් යානාවලට තර්ජනයක් බවත් ගුවන් තොටුපළ පාලන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තහනම ඉවතට . . .

Mon Aug 28 , 2023
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවේ 2023 වසරේ ජනවාරි 21 වනදාය. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට දන්වා තිබූ කරුණු සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය දැක්වූ යහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x