පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් . . .

පාර්ලිමේන්තු සභා ගර්භයේ  උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඒ, දෙමළ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් විරෝධතාවයක නිරතවීම හේතුවෙනි.

ඔවුන් පවසන්නේ පසුගිය 8 වැනිදා වවුනියාවේ හින්දු කෝවිලකදි පුද්ගලයින් 8දෙනෙකු පුරා විද්‍යා නිලධාරීන් විසින් කිසිදු පදනමක් නොමැතිව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම පුද්ගලයින් නිදහස් කරන මෙන් ඉල්ලා එම දෙමළ මන්ත්‍රීවරුන් විරෝධතාවයේ නිරත වෙයි.

එහිදී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ අධිකරණය විසින් අත්අඩංගුවට පුද්ගලයින් පිළිබදව අපක්ෂපාතීව කරුණු සොයාබලා ඉදිරි පියවර ගනු ඇති බවයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සපුගස්කන්ද තෙල් සංස්ථාවෙන් වෙන් කරයි . . .

Tue Mar 19 , 2024
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමින් 25%ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලබන බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x