කුලී වාහන කොටස් කරන ජාවාරම් කල්ලියක් . . .

කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානයකින් වාහන ගෙන ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත සිටි කල්ලියක නායකයා සහ සගයකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස දූෂණ විමර්ශන අංශය සදහන් කරයි.

අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නිට්ටඹුව ප්‍රදේශයේ ගෙවත්තක රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා මෝටර් රථයක් කොටස් කරමින් සිටියදී ජාවාරම්කරුවන් කොටු කර ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නෙළුන්දෙනිය සහ එස්වැල්ල ප්‍රදේශයන්හි පදිංචි 38 වියෙහි පසුවන විවාහකයන් බවද පොලීසිය පවසන අතර ප්‍රධාන සැකකරු කලක් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙහි කැනීම් අංශයේ සේවය කොට ඇති බව අනාවරණයවී ඇත.

තවද මොවුන් දිවයිනෙහි විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ට පොහොර ලබා දෙන බව පවසමින් මුදල් වංචා සිදු කළ බවට ද පොලීසියට පැමිණිලි ලැබී ඇත.

ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු වලට අනුව පසුගිය 2 වෙනිදින අනුරාධපුර ප්‍රදේශයෙන් රුපියල් 50,000 ක අත්තිකාරම් මුදලක් ගෙවා කුලී පදනම මත මෝටර් රථය ලබාගෙන ඒකල ප්‍රදේශයට රැගෙන විත් ජී.පී.එස් තාක්ෂණ උපකරණය ඉවත් කොට පසුව නිට්ටඹුවට රැගෙන විත් කොටස් කිරීම සිදු කළ බව අනාවරණය වී ඇත.

දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නිට්ටඹුව ප්‍රදේශයේ ගෙවත්තක රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා මෝටර් රථයක් කොටස් කරමින් සිටින අතරතුර ජාවාරම්කරුවන් කොටු කර ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බිහිසුණු ඝාතකයන් රටෙන් පිටකරන ප්‍රබලයා කවුද ? . . .

Sat Feb 10 , 2024
මනුෂ්‍ය ඝාතන ඇතුළු බිහිසුණු අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඉහළ ම පුද්ගලයන් ආරක්ෂිතව මෙරටින් පිට කිරීමේ සංවිධානාත්මක ප්‍රබලයෙකු හෝ මූලික කිහිප දෙනෙකු සිටින බව අපරාධ පරීක්ෂණ විමර්ශකයෝ පෙන්වා දී තිබේ. විශේෂයෙන් ම, බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමේදී පුද්ගලයන් 5 දෙනෙකු ඝාතනය කළ ඝාතනකයන් දෙදෙනා මෙරටින් ආරක්ෂිතව පිටත් කර හැරීම පිළිබඳව සිදු කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x