ලොව ප්‍රීතිමත්ම රට ෆින්ලන්තයයි . . .

ලොව ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීමවලට අනුව අඛණ්ඩව 7වැනි වරටත් ෆින්ලන්තය පළමු ස්ථානයට පත්ව ඇත.

මෙම වාර්තාවට අනුව දෙවන ස්ථානය ඩෙන්මාර්කයට හිමිව ඇති අතර තුන්වන ස්ථානය අයිස්ලන්තයට හිමිව තිබේ.

අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 128වන ස්ථානයයි.

එසේම පළමු වරට බ්‍රිතාන්‍යය සහ ජර්මනිය මෙහි පළමු 20 න් ඉවත්ව ඇත. ඔවුන්ගේ ස්ථානය පිළිවෙළින් 12 සහ 13 ලෙස කොස්ටාරිකාව සහ කුවේටය ලබා ගෙන ඇතැයි සදහන් වේ.

මෙම වාර්තාවේ අවසන් ස්ථානයේ රැදී සිටින්නේ 2020වසරේ සිට තලෙයිබාන් පාලනයට නතුව පවතින මානුෂීය ව්‍යසනයකින් පීඩා විඳි ඇෆ්ගනිස්ථානයයි.

රටවල් 143ක වෙසෙන පුද්ගලයන්ගේ ප්‍රතිචාර භාවිතා කරමින් සකස් කර ඇති මෙම වාර්තාව වයස් කාණ්ඩ අනුව වෙන වෙනම ශ්‍රේණිගත කර ඇත. මේ සදහා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, නිදහස, ත්‍යාගශීලීභාවය සහ දූෂණය වැනි සාධක සැලකිල්ලට යොමු කර තිබේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දේශීය බිත්තර මිල පහළට . . .

Thu Mar 21 , 2024
මෙරට වෙළෙඳපොලේ ඉන්දීය බිත්තර මිලට වඩා දේශීය බිත්තරවල මිල පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසුවේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරයක මිල රුපියල් 45ක් වන අතර දේශීය බිත්තරයක මිල රුපියල් 40ක් බවයි. එලෙස තවදුරටත් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට අවශ්‍ය නොවන බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x