මම ස්වාධීනව වැඩේ කරනවා . . .

දේශපාලන කෝණයෙන් බලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉවත්වුවත් එහි සභාපති වශයෙන් ස්වාධීනව තමාට තිබෙන වගකීම නිසි ලෙස ඉටු කරගෙන යන බව කෝප් කමිටු සභාපති රෝහිත අබේගුණවර්ධන ‘මව්බිම’ට පැවසීය.

කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වීම මහජන නියෝජිතයෙකු වශයෙන් සිය වගකීම පැහැරහැරීමක් වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

දේශපාලන කෝණයෙන් බලා විපක්ෂයේ මන්ත්‍රීරුවරුන් කිහිප දෙනෙකු මෙලෙස ඉවත් වී ඇති බවත් සාමාජිකත්වයෙන් යම් මන්ත්‍රීවරයෙකු ඉවත්වූයේ නම් ඒ වෙනුවට මන්ත්‍රීවරයෙකු නම් කළ යුතු බවත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය බවත් පැවසීය.

තමා දේශපාලන වේදිකාවේදී නියෝජනය කරන පක්ෂයට අනුව කටයුතු කළත් කෝප් කමිටු සභාපති වශයෙන් පක්ෂ, පාට, භේද නොබලා ස්වාධීන පුද්ගලයෙකු වශයෙන් සිය කාර්යභාරය ඉටුකරන බවත් සඳහන් කළේ ය.

කෝප් කමිටු සභාපති වශයෙන් තමාගෙන් සිදුවන කාර්යභාරය ජනතාව විනිශ්චය කරනු ඇති බවත් ප්‍රාදේශීය සභාව, පළාත් සභාව නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි තමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, රාජ්‍ය ඇමතිවරයෙකු, නියෝජ්‍ය ඇමැතිවරයෙකු, කැබිනට් ඇමැතිවරයෙකු වශයෙන් දීර්ඝ පළපුරුද්දක් තිබෙන බවත් වැඩිදුරටත් කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටු සභාපති ධූරයට පත්වීමට විරෝධය පළ කරමින් පෙරේදා (මාර්තු 19) කෝප් කමිටුව රැස්වීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එහි  සාමාජිකත්වයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ‘මව්බිම’ කළ විමසුමකදී මන්ත්‍රීවරයා මෙම කරුණ සඳහන් කළේ ය.

  • අනුර බාලසූරිය
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලන්ච් ෂීට් පුත්තලමේදී විනාශ කරයි . . .

Thu Mar 21 , 2024
මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ව සිදුකල වැටලිම් වලදි අත් අඩංගුට ගැනුන පොලිතින් වලින් නිශ්පාදිත ආහාර දවටන (ලන්ච් ෂීට්) කිලෝ 5377 ක් අධිකරණ නියෝගයෙන් පුත්තලම සිමේන්ති නිශ්පාදන කර්මාන්ත ශාලාවේ අධි දහන උදුනට දමා විනාශ කිරීමට කටයුතු කෙරුණී. ජාතික පාරිසරික පනත යටතේ තහනම් මෙම ආහාර දවටන කිලෝ 5377 ප්‍රමානය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x