ලිංගිකව හැසිරෙන සීමාව අවුරුදු 14 දක්වා පහලට . . .

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පනතක් ගැසට් කර ඇති බවත්, එම පනත හරහා ආණ්ඩුව කිරීමට උත්සාහ දරන්නේ රටේ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම බවත් ජාතික සංවිධාන එකමුතුව චෝදනා නගයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර අනාවරණය කළේ මෙම පනත මගින් කිරීමට උත්සාහ දරන්නේ මෙරට දරුවන් අපයෝජනයට ලක්කිරීම ප්‍රවර්ධනය කිරීම බවයි.

1995 වසරේ දී සිදු කළ දණ්ඩනීති සංග්‍රහයේ සංශෝධනයට අනුව මෙරට අවුරුදු 16 ට අඩු දැරිවියක් ස්ව කැමැත්තෙන් අපයෝජනයට ලක් වුවද එය ස්ත්‍රී දූෂණය යටතට වැටෙන බරපතළ වරදක් බවත්, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එම වයස් සීමව මෙම පනත මගින් අවුරුදු 14 දක්වා අඩුකර ඇති බවත් ඔහු මෙහිදී චෝදනා කළේය.

මෙහිදී වරදකරුවා බවට පත්වන පුරුෂයාගේ වයස් සීමාව අවුරුදු 18 සිට 22 දක්වා ඉහළ දමා ඇති බවද පෙන්වා දෙන ඔහු, හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම පනත ගෙන එන්නේ මෙය ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් නිසාදැයි ප්‍රශ්නකර සිටියේය.

මීට පෙර යම් යම් මුස්ලිම් දේශපාලන පක්ෂවලින් මේ සඳහා ඉල්ලීමක් කර තිබූ බවත්, අලි සබ්‍රි 2021 දී මෙම සංශෝධනය ගෙන ඒමට කැබිනට් පත්‍රිකාවක් දැමූ බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙහිදී හෙළි කළේය.

ඉස්ලාම් අන්තවාදී බලවේගවල උවමනාවට මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් දැරිවියන්ගේ විවාහ වන වයස් සීමාව අවුරුදු 14ක් දක්වා අඩුකිරීමට එමගින් උත්සාහ දැරූ බවත් ඔහු මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙය හුදෙකලාව සිදුවන සිදුවීමක් නොවන බව හා මීට පෙර මෙරට අයුර්වේද පනත සංශෝධනය කර එක් පැත්තකින් කංසා නීතිගත කිරීමට ඉඩකඩ සලස්වා අනෙක් පැත්තෙන් දැරිවියන්ට සම්බාහන ආයතනවල ආයුර්වේද වෛද්‍යවරයකුගේ අධීක්ෂණයකින් තොරව ශිල්පිනයක් ලෙස වැඩකිරීමට ඉඩකල සැලැස්වීම මෙන්ම ඒ සඳහා වයස්භේදයක් නොපැනවීම මෙම ලිංගික සේවා වෙළඳපොළක් මෙරට ගොඩනැගීමේ ක්‍රියාවලියේ එක් පියවරක් බවත් ඔහු පෙන්වාදෙන ලදී.

සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමට මෙන්ම එට්කා ගිවිසුම අත්සන් කළ පසු මෙරටට පැමිණෙන ඉන්දියානුවන්ට අවශ්‍ය සේවා සැපයීම සහ සෝෆා ගිවිසුම අත්සන් කළ පසු මෙරටට පැමිණෙන ඇමරිකානුවන්ට අවශ්‍ය විනෝදාස්වාදය සැපයීමට වැනි කරුණු සියල්ල වෙනුවෙන් යටි අරමුණක් සහිතව මෙම පනත ගෙන එන බවද වසන්ත බණ්ඩාර චෝදනා නැගීය.

මෙරට දරුවන් සිටින කිසිඳු දෙමාපියෙකුට මෙය ඉවසා සිටිය නොහැකි බව ද, ආණ්ඩුව මේ උත්සාහ දරන්නේ ආර්ථික අර්බුදයෙන් ගැලවීමට ලිංගික වෙළෙඳපොළක් මෙරට ප්‍රචලිත කිරීමට දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම ද අදහස් දැක්වමින් පැවසුවේ ළමා අපයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම පනත ගැසට්කර ඇති බවයි.

ළමා අපයෝජනය මේ රටේ දැවැන්ත ප්‍රශ්නයක් බවත්, මෙරට වසරකට දහස් ගණනින් දරුවන් අපයෝජනයට ලක්වන බවත් මෙහිදී තිරාණගම හෙළිකළේය.

1995 වසරට පෙර මෙරට ළමා අපයෝජනයට දඬුවම් ලබාදෙන නීතියක් නොතිබූ බවත්, එකල සංචාරක ව්‍යාපාරය යටතේ පැමිණෙන විදේශිකයන් මුහුදුබඩ පළාත්වල ඇති පාසල්වල දරුවන් විශාල වශයෙන් ලිංගික අපයෝජනයට ලක්කළ බවත් ඔහු අනාවරණය කළේය.

ඔවුන්ට දඬුවම් කිරීමට නීතියක් නොතිබූ පසුබිමක මෙම අපරාධය පෙන්වා දී තමන් සහ විවිධ පාර්ශ්ව දැඩි හඬක් නැගූ බවද, එහිදී සිදුකළ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස 1995 වසරේ අංක 22 දරන දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත ගෙන ආ බවද ඔහු මෙහිදී පැවසීය.

දැන් එම තත්ත්වය වෙනස් කරමින් සිදුකිරීමට උත්සාහ දරන මෙම ක්‍රියාවලිය හරහා ළමා අපයෝජන ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

  • Media unit

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෝටිපතියාගෙන් ලක්ෂ 3000ක රන්බඩු සොරාගෙන . . .

Thu Mar 21 , 2024
ප්‍රධාන පෙළේ රන් භාණ්ඩ අලෙවිසල් ජාලයක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 3000කට ආසන්න රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය, අධිකරණය වෙත ඊයේ (20 වැනිදා) දන්වා සිටියේය. කොළඹ හෙට්ටිවීදිය, මඩකලපුව සහ කාත්තන්කුඩි ප්‍රදේශවල රන් භාණ්ඩ අලෙවිසල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකුගේ රන් භාණ්ඩ එලෙස සොරකම් කර ඇතැයි කොළඹ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x