පොලිස් ස්ථානාධිපතිවරුන් ට ස්ථාන මාරුවීම් . . .

පොලිස් ස්ථානාධිපතිවරුන් අසූදෙනකු මේ සතිය තුළ මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය තීරණයකර ඇත.

පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතිය මත මෙම මාරු කිරීම් සිදුකිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණය මීට මාස දෙකකට පෙර පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී සිදුවූ අතර මෙහිදී ඒ ඒ නිලධාරීන් ලබාගත් ලකුණු සහ නිලධාරින්ගේ කුසලතා මත මෙම මාරුකිරීම් කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

විශේෂයෙන් වසර තුනකට වැඩි කාලයක් එකම පොලිසියක සේවය කළ ස්ථානාධිපතිවරුන් බොහෝ දෙනකු මෙම මාරුවීම් ලැයිස්තුවට ඇතුළත් කර ඇතැයිද එම නිලධාරියා කීවේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රනිල් සහ බැසිල් හමුවෙයි . . .

Fri Mar 22 , 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුවී තිබේ. එහිදී ජනාධිපතිවරණය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සෙසු මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවී ඇත. පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x