රනිල් සහ බැසිල් හමුවෙයි . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුවී තිබේ.

එහිදී ජනාධිපතිවරණය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සෙසු මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවී ඇත.

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම හමුව සිදුවීම විශේෂත්වයකි.

ඒ අනුව ඉදිරි මැතිවරණයන්ට අදාළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් මැතිවරණය පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවක් ඇතිවී නොමැති බැවින් ඉදිරියේදීත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් අතර ජනාධිපතිරණය සම්බන්ධයෙන් මත දෙකක් පැවතීම හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් නිර්මාණයවී ඇති බවද වාර්තා වෙයි.

ඉදිරියේදී නැවතත් ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡාවේදී සියලුදෙනා එක් මතයක් තුළට ගොනු කිරීමට හැකිවනු ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උෂ්ණත්වය තවත් ඉහළට . . .

Fri Mar 22 , 2024
මේ දිනවල උෂ්ණත්වය වසරේ වෙනත් දිනවලට වඩා සෙල්සියස් අංශක එකකින්,දෙකකින් ඉහළ ගොස් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයින පුරා මෙම තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේය. සෑම වසරකම මාර්තු, අප්‍රේල් මාසවලදී උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බවත්, අප්‍රේල් මාසය අවසන් වනතුරු මෙම තත්ත්වය පවතින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x