ලැප්ටොප් සොරකම් කළ සිසුන් අත්අඩංගුවට . . .

බේරුවල ආරියවංශ විදුහලේ සුහුරු පන්ති කාමරය කඩා එහි තිබූ ලැප්ටොප් 12ක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බේරුවල පොලිසිය පැවසුවේ අද (25) දිනයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එම පාසලේම සිසුන් දෙදෙ‌නෙකු ද සිටින බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ ලබන වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් දෙදෙ‌නෙක් බව පොලිසිය පැවසීය.

පසුගිය පෙබරවාරි මාසයේ පොහොය දින මෙම සොරකම සිදුව ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලිසිය පැවසීය.

එම පාසලේ සිසුන් දෙදෙනෙකු ලැප්ටොප් යන්ත්‍ර අලෙවි කිරීමට සොයන බවට විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී , පානදුර සහ පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධ කර ගනිමින් එම ලැප්ටොප් අලෙවි කිරීමට සූදානම් බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණ කරගෙන තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සුරාබදු ආදායම ඉහළ යයි . . .

Mon Mar 25 , 2024
සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ දී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පවසයි. මත්පැන්වල මිල වැඩිවීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී මත්පැන් නිෂ්පාදනය ලීටර් 657,000ක් පමණ අඩුවී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x