කිතුණු පල්ලිවලට බල ඇණි යොදවයි . . .

29 වන දිනට යෙදෙන මහ සිකුරාදා දිනය සහ 31 දිනට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුණු දේවස්ථානයන්හි පැවැත්වෙන දේව මෙහෙයන්/උත්සවයන් වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාල දේවස්ථානවල පියතුමන්ලා හා සංවිධායකවරුන් සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියළුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

26 සහ 27 යන දෙදින තුල දිවයිනේ සියළුම මු.පො.ප/ ස්ථානාධිපතිවරුන් තම පොලිස් වසමට අයත් සියළු කතෝලික/ ක්‍රිස්තියානි හා වෙනත් දේවස්ථාන වෙත පුද්ගලිකව ගොස් ඒවායේ පියතුමන්ලා සහ එම දේවස්ථානවල පරිපාලන සාමාජිකයින් හමුවි 29 දින සිට 31 දින දක්වා කාලසීමාව තුල මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස්කර ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් ලබාදී ඇත.

එසේම, 2024.03.26 සහ 27 යන දෙදින තුල පොලිස් ස්ථාන අධික්ෂණය කරන දිස්ත්‍රික්භාර නිලධාරින්ද තම දිස්ත්‍රික්කයට අයත් සෑම පොලිස් වසමකම පිහිටි බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන තෝරාගෙන ඒවා වෙත ගොස් ඉහත පරිදි පාස්කු උත්සවය වෙනුවෙන් සිදුකරන දේවමෙහෙයන්ට අදාල ආරක්ෂක කටයුතු පිලිබදව පුද්ගලිකවම සොයා බලන ලෙසටත් එමගින් උපදෙස් ලබාදී ඇත.

මෙම ආරක්ෂක සැලැස්ම යටතේ දේව මෙහෙයන් ආරම්භ කිරිමට ප්‍රථම එම පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි යම් පරික්ෂාවකට ලක් කිරිම, දේව මෙහෙයන් සදහා පැමිණෙන පුද්ගලයින් හා ගමන් මළු පරික්ෂාවකට ලක්කොට දේවස්ථානයට ඇතුල් කිරිම අවශ්‍ය බව හැගේනම් පියතුමන්ලා සහ එම දේවස්ථානවල භාරකාර මණ්ඩල සමග සාකච්ඡා කොට ඒ සදහා සුදුසු පරිදි ආරක්ෂක වැඩපිලිවෙලක් සකස් කිරිමටත්, ප්‍රාදේශිය ත්‍රිවිධ හමුදා කඳවුරු භාර නිලධාරින්ද සමග සාකච්ඡා කර ඔවුන්ගේද සහාය ලබාගැනීමට ක්‍රියා කරන ලෙසටත් පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සදහන් කර ඇත.

  • Repoter

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අධිවේගී මාර්ග සහස්යා ආයතනයට පවරයි . . .

Tue Mar 26 , 2024
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්මන්ට්  ලිමිටඩ් වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය (දේශීය) සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වානිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට කැබිනට්  අනුමැතිය ලැබී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x