කෙහෙළියගේ දියණිය මානව හිමිකම් යයි . . .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ඔහුගේ දියණිය වන චමිත්‍රී රඹුක්වැල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් අද (27) පෙරවරුවේ ඉදිරිපත් කර තිබේ.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිය පියාගේ මානව හිමිකම් කඩවී ඇති බැවින් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් කර සාධාරණයක් ඉටුකරන ලෙස එහිදී ඇය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියාය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ සිය පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතිකව අත්අඩංගුවේ තබාගෙන සිටින බවයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට . . .

Wed Mar 27 , 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇති බවට තොරතුරු වාර්තා වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමේ මෙම තීරණය ගෙන ඇත. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x