දමිතාගේ අපේක්ෂිත ඇපය විසිවෙයි . . .

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍ර කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (27) ප්‍රතික්ෂේප කළේය.

දමිතා අබේරත්න පවතින නඩු සඳහා ඇප මත සිටීමත් දිගින් දිගටම පැමිණිල්ලට සහාය නොදී විමර්ශන කටයුතු මඟ හැර සිටීමත් පැමිණිල්ල සම්බන්ධයෙන් අගාමික විගාමික පනතේ 45(ඇ) වගන්තිය යටතේ කරුණු වාර්තා කර තිබීම නිසා ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණය බලයක් නොතිබීමත් හේතුවෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ප්‍රකාශ කළේය.

තමන් ප්‍රසිද්ධ රංගන ශිලිපිනියක් මෙන්ම දේශපාලනයේ නිරත වන්නියක වීම හේතුවෙන් දමිතා අබේරත්න ට අපකීර්තියක් ගෙන දීම සඳහා කළ පැමිණිල්ලක් බව පවසමින් ඇය සහ ඇයගේ සැමියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ගොනු කර තිබිණ.

එහිදී අදහස් දක්වමින් දමිතා අබේරත්න වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ පවසා සිටියේ මෙම පැමිණිල්ල කිසිම සාධකයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අරමුණින් අගාමික විගාමික පනත යටතේ කරුණු වාර්තා කිරීම වැරදිසහගත බැවින් එම කොටස අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ රිට් පෙත්සම් 2 ක් ගොනු කර ඇති බවත් එය අප්‍රේල් 2 වැනිදා විභාගයට ගන්නා බවත්ය

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ, නීතිඥ තරිඳු වික්‍රමනායක, නීතිඥ හිමාෂ ප්‍රනාන්දු, නීතිඥ අස්තික දේවේන්ද්‍ර, නීතිඥ හරිත් හෙට්ටිආරච්චි  පෙනී සිටියහ.

  • විමුක්ති එස් රුද්‍රිගු

 



Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙළියගේ දියණිය මානව හිමිකම් යයි . . .

Wed Mar 27 , 2024
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ඔහුගේ දියණිය වන චමිත්‍රී රඹුක්වැල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් අද (27) පෙරවරුවේ ඉදිරිපත් කර තිබේ. රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිය පියාගේ මානව හිමිකම් කඩවී ඇති බැවින් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් කර සාධාරණයක් ඉටුකරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x