පිටකොටුව පාවෙන වෙළෙඳ සැල් ජපානයට . . .

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය  (Floating Market) වසර තිහක බදු පදනමක් මත  ජපන් ආයෝජකයකුට ලබාදීමට තීරණය කර තිබේ.

ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose)   ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරීයේදී අද (27) දින සිදු කෙරුණි. ඒ අනුව පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙම ජපන් ආයෝජනය මඟින් සිදු කෙරේ.

මෙම පාවෙන වෙළඳ සංකීර්ණය නිසියාකාරව නඩුත්තු නොවන බවට පසුගිය කාලය පුරාවට නාගරික සංවර්ධන අධිකාරියට විවිධ චෝදනා එල්ල වූ බැවින් මෙම පියවර ගත් බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය කියයි. ආර්ථික ප්‍රශ්න නිසා නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් යොදවා මෙය සංවර්ධනය කිරීමට අපහසු බැවින්  රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හෝ සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග උපදෙස් දී තිබිණි.

ජපන් නගරය හා පාවෙන වෙළඳපොළ යන තේමාවෙන් පාවෙන වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමට නියමිතය. සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කාලය මාස 6කි.

පිටකොටුවේ බැස්ටියන් මාවතේ පිහිටි පාවෙන වෙළඳපොළ වෙළඳ කුටි 92 කින් සමන්විතය. බේරේ වැවේ බෝට්ටු මත ස්ථාපිත වෙළඳ කුටි ගණනාවක් ද එහි තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ දැනට එහි වෙළදාම් කටයුතු සිදු කරන කඩ හිමියන්ට කිසිදු අසාධාරණයක් නොවන අයුරින් මෙය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසයි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොව විශාලතම සර්පයා මරලා . . .

Wed Mar 27 , 2024
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් පිරිසකි. 15 දෙනකුගෙන් සමන්විත ජාත්‍යන්තර සත්ව විද්‍යාඥයන් කන්ඩායමක්, ඇමසන් වනාන්තරයේ ගෝත්‍රිකයන්ගේ ද මඟ පෙන්වීමෙන්, ඇමසන් ගංගාවට සම්බන්ධ අතු ගංගාවකින් මෙම විශාගලතම ඇනකොන්ඩා සොයා ගත්තේ පසුගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x