ලංගම පඩි ගෙවන්න සල්ලි නෑ . . .

රට පුරා පිහිටි ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හැත්තෑවක මාස ගණනක සිට සේවකයන්ගේ මාසික වැටුප නිසි පරිදි ගෙවා නොමැති බව වාර්තා වෙයි.

ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඩිපෝ 107ක් රට පුරා පිහිටා තිබේ.

සේවක වෘත්තිය සමිති සඳහන් කරන්නේ ලංගම සඳහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ප්‍රතිපාදන අවම කිරීම හා ලංගම ආදායම් වලින්ම පඩි ගෙවීමට සිදුව තිබීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

ඇතැම් ඩිපෝ ප්‍රධානීන් සිදු කරන අයථා ගනුදෙනු හා ආක්‍රමිකතා නිසාද ආදායම් අඩුවන බවත් මේ මේ හේතුවෙන් මණ්ඩලය වේගයෙන් කඩා වැටෙන ආයතනයක් බවට පත් වී තිබෙන බවත් වෘත්තිය සමති කියති.

මණ්ඩලය සතු බස් රථ හාරදහස් හත්සීයක් දෛනිකව ධාවනය අත වන අතර දිනකට ඉන් මණ්ඩලයට ලැබෙන ආදායම මිලියන  80ක්  පමණ  වෙයි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වසා දමා ඇති ජාතික කලා භවන . . .

Wed Mar 27 , 2024
වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට (26 වැනිදා) එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වසර 2011 වසරේ ඉදිකිරීම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x