ත්‍රස්ත කල්ලි හඹා යන්න යතුරුපැදි බළකායක් . . .

නිලධාරීන් 100කින් සමන්විත ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම් කිහිපයක් ඉදිරියේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පසුපස හඹා යාම සඳහා යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර ඇත.

විශේෂ කාර්ය බළකායේ පුහුණුව ලබා දීමෙන් අනතුරුව මෙම යතුරුපැදි කණ්ඩායම් අපරාධ කල්ලි පසුපස හඹා යාම සඳහා අනුයුක්ත කෙරෙනු ඇත.

මෙම කණ්ඩායම් එක එල්ලේ ම සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීම සඳහාත් අපරාධ කල්ලි පසුපස ක්‍රියාත්මක වන සෙසු කණ්ඩායම්වල සහය සඳහාත් යොමු කෙරේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි හඳුනාගෙන එම අපරාධ කල්ලි සඳහා වෙන වෙන ම විමර්ශන කණ්ඩායම් ඔවුන් පසුපස හඹා යාම මේ වන විටත් සිදු කෙරෙන අතර බස්නාහිර සහ දකුණු පළාත්වල මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ ය.

  • Keerthi Mendis
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වයස්ගත කාන්තාව අමතක නොවෙන වංචාවකට හසුවෙයි . . .

Thu Mar 28 , 2024
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඩොලර් 10000ක වංචාවකට හසුවු වයස්ගත කාන්තාවක් පිළිබඳ පුවතක් ඔස්ට්‍රේලියාවේ පර්ත් අගනුවරින් වාර්තා වේ. තමන් මෙලෙස වංචාවකට හසුවීමත් සමඟ ඇය ෆේස්බුක් භාවිත කරන්නන්ට ද අනතුරු ඇඟවීමක් කර තිබුණි. ෆේස්බුක් ඔස්සේ ඩොලර් ලක්ෂ දෙකක මූල්‍ය ත්‍යාගයක් ලබා ගැනීම සඳහා ඩොලර් 1000ක් ආයෝජනය කරන ලෙස ලැබුණු පණිවුඩයට ප්‍රතිචාර දැක්වීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x