නව විද්‍යුත් මෝටර් රථයක් වෙළෙඳපොළට . . .

චීනයේ ශ්‍යව්මි (xiaomi) සමාගම නිෂ්පාදනය කර ඇති විද්‍යුත් මෝටර් රථ සඳහා ඇණවුම් ලබාගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

xiaomi චීනයේ ප්‍රමුඛ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමකි.

එම මෝටර් රථයේ SU7 නමැති මොඩලය ඩොලර් 29,872ක් (යුආන් 215,900) ලෙස මිල සඳහන් කර ඇත.

ලෝක වෙළෙඳපොළෙහි විද්‍යුත් මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම පහත බසිමින් තිබෙන අවස්ථාවක xiaomi සමාගම සිය නිෂ්පාදනය වෙළෙඳපොළට නිකුත් කිරීම සුවිශේෂී තත්ත්වයකි.

එමගින් වෙළෙඳපොළ තුළ මිල සඳහා ඇති තරගය තවත් දැඩි වෙතැයි xiaomi සමාගම අනුමාන කරයි.

ටෙස්ලා සමාගම චීන වෙළෙඳපොළට මෙම මොඩලය හා සමානම විද්‍යුත් මෝටර් රථයක් නිකුත් කර ඇති අතර එහි මිල යුආන් 245,000කි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සනත් නිශාන්තගේ බිරිඳට තනතුරක් . . .

Fri Mar 29 , 2024
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ බිරිඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයට පත් කිරීමට කටයුතු කර තිබේ. සනත් නිශාන්ත ගේ බිරිඳ වන චමරි පෙරේරා ද නීතිඥවරියක් ලෙස කටයුතු කරයි. එම පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු පත් කිරීමට නියමිතව තිබේ. දැනට විනය මණ්ඩලය සඳහා සාමාජිකයන් හත් දෙනෙකු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x