රුවන්වැලි සෑය දැඩි විදුලි අර්බුදයක . . .

විදුලි බිල්පත් ගෙවීමේ අසීරුවෙන් සිටින අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන සියයක එළිමහන් ආලෝකවත් කිරීම සඳහා සූර්යකෝෂ විදුලි පහන් බෙදා දීමට රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ඊතලවැටුණු වැවේ ඤාණතිලක නාහිමියෝ කටයුතු කළහ.

වර්තමානයේ බොහෝ විහාරස්ථාන අධික විදුලි ගාස්තුව ගෙවීමේ අසීරුවකට මුහුණ දෙති. එම තත්ත්වය රුවන්මැලි සෑයට ද දැඩි ලෙස බලපා තිබේ. ප්‍රදේශයේ දුෂ්කර විහාරස්ථානවලට යම් සහනයක් දීම සඳහා එළිමහනේ විශාල වපසරියකට සෑහෙන තරමේ විදුලි ලාම්පුවක් සහිත සූර්ය බල කට්ටලය බැගින් ලබාදීමට උන්වහන්සේ පියවර ගත්හ. ඒ සඳහා විශේෂ වැඩසටහනක් රුවන්මැලි සෑ මළුවේදී පසුගියදා සංවිධානය කර තිබිණි.

එහිදී අදහස් දැක්වූ රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී නාහිමියෝ, රුවන්මැලි චෛත්‍ය ස්ථානය ද විදුලි බිල සම්බන්ධයෙන් දැඩි අසීරුවක සිටින බව කියා සිටියහ.

අපේ විහාරස්ථානය ලක්‍ෂ ගණනක අති විශාල විදුලි බිලක් ගෙවිය යුතුව තිබෙනවා. මේ අපේ ආවාසයේ පරිහරණය පමණක් නොවේ. රටවාසී, ලෝකවාසී කෝටි සංඛ්‍යාත සැදැහැවතුන් ද විදේශ සංචාරකයන් සඳහා ද පුද බිමේ විදුලි ආලෝකය ඇතුළු පහසුකම් වෙනුවෙන් ලබාගන්නා විදුලිය ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් රජය ගෙවනවා නම් අපේ පන්සලේ පරිභෝජන ඒකක ගණන කෙසේ හෝ ගෙවා ගන්නට පුළුවන්. රුපියල් කෝටියකට ආසන්න ඒ විදුලි බිල තිබිය දී අනෙක් වෙහෙර විහාරස්ථානත් මුහුණ දී සිටින එම අර්බුදයට විසඳුමක් ලෙස මේ වැඩසටහන සංවිධානය කළේ ඒ සියලු සිද්ධස්ථාන පවත්වාගෙන යා යුතු නිසා යැයි එම නාහිමියෝ ප්‍රකාශ කළහ.

අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී නාහිමියන් සංවිධානය කළ මෙම වැඩසටහනට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභෘපති ජගත් සුමතිපාල මහතා ඇතුළු පවුලේ පිරිස අනුග්‍රහය ලබාදී තිබිණි.

විහාරස්ථාන සියයක් වෙනුවෙන් පැමිණ සිටි භික්‍ෂුන් වහන්සේ උදෙසා විහාරස්ථානවලට අවශ්‍ය විවිධ මෙවලම් කට්ටල හා උපකරණ ද ගමන් වියදම් සඳහා මුදල් පිරිකර ද පිරිනැමීමට නාහිමියෝ කටයුතු කළහ.

  • Divaina

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කතරගම නගරය මැද මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ගහගනී . . .

Fri Mar 29 , 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන ලද කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා හා එහි හිටපු පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු කතරගම නගර මධ්‍යයේ ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇත. ගුටිබැට හුවමාරුවෙන් පසු තුවාල ලැබූ දෙදෙනාම කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. විසි හත් වනදා රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර මන්ත්‍රීවරුන් දෙදෙනාම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x