කතරගම නගරය මැද මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ගහගනී . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන ලද කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා හා එහි හිටපු පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු කතරගම නගර මධ්‍යයේ ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇත.

ගුටිබැට හුවමාරුවෙන් පසු තුවාල ලැබූ දෙදෙනාම කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

විසි හත් වනදා රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර මන්ත්‍රීවරුන් දෙදෙනාම මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.

කතරගම අවුරුදු උත්සවය සඳහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ සහභාගි කර ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් මත මෙම ගුටි හුවමාරුව සිදුව ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නව විද්‍යුත් මෝටර් රථයක් වෙළෙඳපොළට . . .

Fri Mar 29 , 2024
චීනයේ ශ්‍යව්මි (xiaomi) සමාගම නිෂ්පාදනය කර ඇති විද්‍යුත් මෝටර් රථ සඳහා ඇණවුම් ලබාගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. xiaomi චීනයේ ප්‍රමුඛ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමකි. එම මෝටර් රථයේ SU7 නමැති මොඩලය ඩොලර් 29,872ක් (යුආන් 215,900) ලෙස මිල සඳහන් කර ඇත. ලෝක වෙළෙඳපොළෙහි විද්‍යුත් මෝටර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x