‘ක්‍රිප්ටෝ රජු’ ට වසර 25ක සිරදඬුවමක් . . .

ඇමෙරිකන් බිලියනපති වූ ව්‍යාපාරික, සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඞ් ට වසර 25 ක සිරදඬුවමක් නියම විය. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණය හමුවේ වරදකරු වීමෙනි.

31 හැවිරිදි සෑම් බෑන්ක්මන් ‘ක්‍රිප්ටෝ රජු’ ලෙස ද හැඳින්වෙයි. ‘ක්‍රිප්ටෝ කරන්සි’ ඩිජිටල් මුදල් ගනුදෙනු හරහා සෑම් බෑන්ක්මන් සිය සේවාදායකයන්ගෙන් ඩොලර් බිලියන 8 ක මුදලක් වංචා කළේ යැයි එල්ල වූ චෝදනාවට සෑම් බෑන්ක්මන් වරදකරු විය.

මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සෑම් බෑන්ක්මන් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 2022 දීය. ඒ සමඟම ඔහුගේ ඩොලර් බිලියන තිස් දෙකක ‘එෆ්.ටී.එක්ස් සමාගම ද බංකොලොත් විය. සෑම් බෑන්ක්මන්, ‘එෆ්.ටී.එක්ස්’ සමාගම ආරම්භ කළේ 2019 වසරේදීය. ‘එෆ්.ටී.එක්ස්’ සමාගම නියාමනයට ලක් නොවුණු බැංකුවක් ලෙස ක්‍රියාත්මක විය.

‘එෆ්.ටී.එක්ස්’ සමාගම, ක්‍රිප්ටෝ මුදල් පමණක් නොව, බිට්කොයින් මුදල් ද ඔවුන්ගේ අරමුදල් යටතේ සුරක්ෂිතව තබා ගත්තේය. මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සිදු වූයේ එම කටයුතුවලට මුවා වෙමින් යැයි විමර්ශනවලදී අනාවරණය විය. ඇමරිකන් ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාවට සම්බන්ධ තැනැත්තා ලෙස ද සෑම් බෑන්ක්මන් සැලකෙයි.

  • lankadeepa
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පළමුවරට සවුදි තරුණියක් විශ්ව රූ රැජන තරගයට . . .

Fri Mar 29 , 2024
ඉතිහාසයේ පළමුවරට සවුදි අරාබියේ තරුණියක් විශ්ව රූ රැජන තරගයට ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන සැප්තැම්බර් මස 18 වැනිදා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත 2024 විශ්ව රූ රැජන තරගයට සහභාගි වීමට අවස්ථාව ලැබී ඇත්තේ සවුදි අරාබියේ රියාද් නුවර උපන් 27 හැවිරිදි රූමි අල්කාතානි නමැති තරුණියක් බව ද විදෙස් මාධ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x