විදේශිකයා හෝටලයට ගිනි තබයි . . .

වැලිගම කුඹල්ගම කුරුඳුවත්ත ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ලැගුම්ගෙන සිටි විදේශිකයකු එහි හිමිකරුට තියුණු ආයුධයකින් පරදි පසුව කාමරයට ගිනි තබා විදේශිකයා ද එම ගිනි ගොඩට පෑනිම නිසා පිලිස්සුම් තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි.

ඊජිප්තු ජාතික 33 හැවිරිදි මෙම සංචාරකයා වසර තුනක පමණ කාලයක සිට මෙම සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිට ඇති බවත් මාසයක පමණ කාලයක සිට මෙම සංචාරක නිකේතනයට ගෙවිය යුතු මුදල් සංචාරකයා විසින් පැහැර හැර ඇති බව පොලිසිය කියයි.

එ පිළිබඳ හිමිකරුවන් සංචාරකයාට පවසා ඇති බව කියයි. එහිදි (2 ) දින පස්වරුවේදි දෙපාර්ශවය අතර බහින් බස් වීමක් සිදුවී ඇති බව ද පොලිසිය කියයි.

එහිදි උරණ වු සංචාරකයා හෝටල් හිමිකරුට තියුණු ආයුදයකින් පහරදී තිබේ.

අනතුරුව එම සංචාරකයා ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේ ඇඳට ගිනි තබා ගෑස් සිලින්ඩරයක්ද එම ස්ථානයට දමා ඔහු ද එම ගිනි ගොඩට පැන ඇති බව පොලිසිය කියයි.

එහිදි වැලිගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ එම සංචාරකයා ගින්නෙන් බේරාගෙන කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.

එම අවස්ථාව වන ව්ට තවත් රටවල් කිහිපයක සංචාරකන් මෙම සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිට ⁣ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් නොමැති බව පොලිසිය කියයි.

  • තරංග ගුණරත්න සහ සුනිල් ධර්මබන්දු ද සිල්වා
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සජිත් - ඩලස් හවුල දෙදරයි . . .

Sun Sep 3 , 2023
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුතුව පිහිටුවීමට යන නව දේශපාලන සන්ධානය සමඟ එක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ගේ කණ්ඩායම අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව වාර්තාවෙයි. කෙසේ වෙතත් එම කණ්ඩායම ආවත් නැතත් නව දේශපාලන සන්ධානය පිහිටුවීමේ දැඩි ස්ථාවරයක සමගි ජන බලවේගය පක්‍ෂය සිටියි. ඔවුන් සඳහන් කරන්නේ ඩලස් අලහප්පෙරුම මහතා සමඟ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x