ජනාධිපතිවරණයට අපි සූදානම් . . .

ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසීය.

ජනාධිපතිවරණය මේ වසර අග ස්ථිරයින්ම පැවැත්විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 1000 ක් දැනටමත් වෙන් කර ඇතැයි පැවසූ සභාපතිවරයා වියදම් අනුව තවත් මුදල් පසුව ලබාගත හැකි වනු ඇතැයිද ප්‍රකාශ කළේය.

මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමටද කොමිසම කටයුතු කරමින් සිටී.

ජනාධිපතිවරණය මුලින්ම පවත්වන බවට ජනාධිපතිවරයාද පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඊට  නොකැමැත්ත පළකර ඇතැයි වාර්තාවේ.

  • සුජිත් හේවාජුලිගේ

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විකල්ප නැකැත්කරුවන්ට මරණ තර්ජන . . .

Sat Mar 30 , 2024
රාජ්‍ය නැකැත් කමිටුව සකසා ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට පටහැනිව අදහස් පළකිරීම හේතුවෙන් තමාට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුවේ සාමාජික රොෂාන් චානක තිසේරා පැවසීය. රාජ්‍ය නැකැත් කමිටුවේ අවුරුදු නැකැත් සීට්ටුව විවේචනය නොකරන ලෙසටත්, විකල්ප නැකැත් ඉවත්කර ගන්නා ලෙසටත්, එසේ නොකළහොත් මරා දමන බවටත් විවිධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x