තේ දළු නෙලන්න විදුලි යන්ත්‍ර යොදවයි . . .

තේ වතුවල වැඩ කිරිමට වතු කම්කරුවන් නොමැති විම හමුවේ තේ දළු නෙලිමට චීනයෙන් මෙරටට ආනයනය කර හදුන්වා දුන් තේ දළු නෙලිමේ යන්ත්‍රයෙන් දිනකට විශාල තේ අස්වැන්නක් නෙලිය හැකි බව හැටන් වැවිලි සමාගමේ සමාන්‍යාධිකාරි වරුණ ප්‍රනාන්දු පැවසිය.

හැටන් වැවිලි සමාගම මෙරට තේ ආර්ථිකය ඉහල දැමිමට මේ වනවිට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මාධ්‍යවේදින් දැනුවත් කිරිම සදහා හැටන් දික්ඔය වතුයායේ (29) දින පැවති සංචාරයක් අතරතුර මාධ්‍යට අදහස් දක්වමින් වරුණ ප්‍රනාන්දු ඒ බැව් පැවසිය.

පසුගිය වසර කිහිපය තුල තේ වගාවට රසායනික පොහොර යෙදිම නතර කර තිබියදි වතු කම්කරුවන් තේ කර්මාන්තයේ රැකියාවලින් ඉවත් වු නිසා වර්තමානය වන විට තේ කර්මාන්තයේ රැකියාවල නිරත විමට වතු කම්කරුවන් නොමැති නිසා අනයනය කල තේ දළු නෙලිමේ යන්ත්‍රයෙන් දිනකට අමු තේ දළු කිලෝ 100 කට වැඩි ප්‍රමාණයක් නෙලිය හැකි බවත්, දිනක වැටුපට වතු කම්කරුවෙකු එම යන්ත්‍රයෙන් අමු තේ දළු කිලෝ 40 ක් නෙලිය යුතු බවත්, ඊට වැඩියෙන් නෙලන සෑම තේ දළු කිලෝවකටම රු 50 බැගින් අමතර මුදලක් ගෙවන බවයි වරුණ ප්‍රනාන්දු කියා සිටියේ.

තවද වතු කම්කරුවන් තේ කර්මාන්තයේ රැකියා වල රදවා ගැනිම සදහා එම කම්කරුවන්ගේ අධ්‍යාපනය ලබා රැකියා අපෙක්ෂාවෙන් සිටි දරුවන්ට තම වතුයායේ ක්ෂෙත්‍ර නිලධාරි තනතුරු සදහා පත් කර ඇති බවත්, ඊට අමතරව තම වතු සමාගම විසින් වතු කම්කරුවන්ගේ සුබ සාධන කටයුතු නංවාලිමට විශාල පිරිවැයක් දරා ඇති බවයි සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.

තම වතු සමාගමට තේ වතු 14 ක් තිබෙන බවත්, එම වතු වල නිෂ්පාදිත නිමි තේ කොළ අපනය කරන මෙරට ප්‍රධානතම වතු සමාගම තම වතු සමාගම බවයි සමාන්‍යාධිකාරිවරයා කියා සිටින්නේ.

තේ නිෂ්පාදනය සදහා විශාල පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවත්, ඩොලරයේ අගය පහල යාම හමුවේ තේ මිල පහල බැස ඇති බවත්, එම තත්ත්වය මත අඩු පිරිවැයකින් තේ නිෂ්පාදනය කිරිම තම වතු සමාගමේ අරමුණ බවයි සමාන්‍යාධිකාරිවරයා කියා සිටින්නේ.

තවද තේ නිෂ්පාදනය සදහා ආනයනය කරන යන්ත්‍ර සුත්‍ර , විදුලිය සහ තේ වගාව සදහා යොදන රසායනික ද්‍රව්‍ය පොහොර සදහා රජයෙන් යම් සහනාදාරයක් ලබාදෙන්නේ නම් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට හැකියාව ඇති බවත්,  එසේ වතු කම්කරුවන්ගේ වැටුප වැඩිකලහොත් එම කම්කරුවන් තවදුරටත් තේ කර්මාන්තයේ රැකියාවල නිරතව සිටින බවයි වරුණ ප්‍රනාන්දු කියා සිටින්නේ.

තම වතු සමාගමට අයත් වතු වල තේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තේ දළු වියළිම සදහා දර භාවිතා කරන බවත්, දර සදහා තම වතුයායේම වගා කර ඇති දැව කදන් කැපිමට අවසර ලබාගැනිමේදි වැය වන කාලය සහ පවතින අපහසුතා හේතුවෙන් වෙනත් ප්‍රදේශවලින් දර ප්‍රවාහනය කිරිමට සිදුවිම හමුවේ විශාල පිරිවැයක් දර සදහා යෙදවිමට සිදු වි ඇති බවයි සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.

මෙම සංචාරය සදහා හැටන් වැවිලි සමාගමේ පාලන අධිකාරියේ උසස් නිලධාරින් රැසක් සහ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදින් රැසක් සහභාගි විය.

  • රංජිත් රාජපක්ෂ

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාස්කු දිනය අදයි . . .

Sun Mar 31 , 2024
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගසේ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබයි. ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x