බෝනස් ඉල්ලා ගාමන්ට් සේවකයින් උද්ඝෝෂණයක . . .

අප්‍රේල් මස ලබාදෙන වාර්ෂික දිමනාව කප්පාදු කිරිම සහ වැටුප් වැඩි නොකිරිමට විරෝධය පාමින් නුවරඑළිය හවාඑළිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් උද්ඝෝෂණයක නිරත විය.

සේවක සේවිකාවන් 900 ට ආසන්න පිරිසක් සේවය කරන මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වු සේවක සේවිකාවන් කියා සිටියේ අවුරුදු ගණනාවක් පුරාවට අඩු පඩියට තමන්ගෙන් සේවාව ලබාගන්නා බවත්, ජනවාරි මාසයේ සිට මාර්තු මාසය අග දක්වාම උදෑසන 08.00 සිට රාත්‍රී 12.00 තෙක් අප්‍රේල් මස අවුරුදු ප්‍රසාද දීමනාව 100% ලබා දෙනවා යැයි පවසමින් නොකඩවා තමන්ගෙන් වැඩ ලබාගත් බවයි.

මේ වන විට ඇගළුම් කර්මාන්ත ශාලාවේ කළමනාකාරීත්වය ප්‍රසාද දීමනාව සියයට පනහක් ලබා දෙන බවට පවසන බවත් , වසර ගණනාවක් පුරාවට කිසිදු පඩි වැඩි කිරීමකින් තොරව රුපියල් විසි දහසක මාසික පඩියකට අසීමිත වැඩ තොගයක් ලබාගන්නා බවයි.

ඉකුත් (27) දින සිට දින තුනක් පුරාවට වැඩ වර්ජනය නියැලුණු සේවක සේවිකාවන්ට කිසිදු විසඳුමක් ලබා නොදී කළමනාකාරීත්වය කිසිදු දැන්වීමකින් තොරව කර්මාන්ත ශාලාව එළියෙන් වසා දමා ඇතුළේ සිට  සාද පවත්වන බවයි උද්ඝෝෂකයන් කියා සිටියේ.

උද්ඝෝෂකයන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ තමන්ගේ මහන්සියට සරිලන පරිදි පොරොන්දු වූ ආකාරයට 100% එනම් රුපියල් විසිදහසක ප්‍රසාද දීමනාව  අවුරුදු සැමරීම සඳහා ලබා දෙන ලෙසයි .

  • රංජිත් රාජපක්ෂ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රසිද්ධ සමා­ගම් නමින් එන තෑගි පණි­විඩ ගැන පරි­ස්ස­මින් . . .

Sat Mar 30 , 2024
ප්‍රසිද්ධ සමා­ග­ම්වල සන්නාම භාවිත කර­මින් ත්‍යාග පිරි­න­මන බව පවසා හුව­මාරු වන ව්‍යාජ පණි­විඩ සම්බ­න්ධ­යෙන් විම­සි­ලි­මත් වන ලෙස පව­සන ශ්‍රී ලංකා තොර­තුරු තාක්ෂණ සංග­මය මේ ව්‍යාජ පණි­විඩ මඟින් ඕනෑම අව­ස්ථා­වක දුර­ක­තන ග්‍රාහ­ක­යන්ගේ පෞද්ග­ලික දත්ත සයි­බර් ප්‍රහා­ර­ක­යන්ට අත්පත් කර­ගත හැකි බව පෙන්වා දෙයි. එවැනි ව්‍යාජ පණි­විඩ ඔස්සේ අනිෂ්ට මෘදු­කාංග සිය ජංගම දුර­ක­ත­න­යට ස්ථාප­නය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x