IMF ඉවර වෙන තුරු මැතිවරණ බෑ‍ . . .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ.

රට ආර්ථික වශයෙන්  ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් ප්‍රමුඛතාවය දිය යුත්තේ එම වැඩසටහනට  බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය සහ  මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථා වලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක  බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපවැත්වෙනු ඇතැයි ද ජනාධිපතිවරයා  කියා ඇත.

ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය ව්‍යවස්ථානුකූලව එළඹෙන්නේ මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට පසුව වන හෙයින් ජනපතිවරණය පැවැත්වීම අයි.එම්.එෆ් වැඩසටහනට බාධාවක් නොවන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා රජය ඒ අනුව මැතිවරණ සිතියම සැලසුම් කර තිබෙන බව කීය.

ඒ අනුව මුලින්ම ජනාධිපතිවරණයට සුදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලය මෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන්  දැනුම්වත් කොට ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවට  මෙයින් ඉඟියක් දී ඇති බව පැහැදිලියැයි රජයේ ජ්‍යෙෂ්ඨ  ප්‍රකාශකයෙක් පැවසීය.

  • අංජුල මහික වීරරත්න

 



Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට . . .

Sat Mar 30 , 2024
සිව් වසරක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට පැමිණි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මේ බව පැවසූහ. අසනීප තත්ත්වයෙන් පසුවන ඥානසාර හිමියන් ප්‍රතිකාර ගැනීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x