තිරුපති දෙවියන් ලංකාවට වඩී . . .

ඉන්දියාවේ වෙන්කටේෂ්වර සාමි කෝවිල් පද්ධතියට අයත් තිරුපති කෝවිලේ ශාඛාවක් ශ්‍රී ලංකාවේද පිහිටුවන මෙන් තිරුපති බැතිමතුන් විශාල පිරිසක් ඉන්දියාවේ තිරුපති කෝවිල් භාරයෙන් ඉල්ලීම් කර තිබෙනවා.

ඒ, අනුව ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ ශාඛාවක් මෙරට ඉදිකිරීම ගැන සොයා බැලීමට තිරුපති දේවාලයේ ප්‍රධාන විධායක නිලධාරී ධර්ම රෙඩ්ඩි පසුගිය සිකුරාදා (29) මෙරටට පැමිණීමට නියමිතව තිබුනා.

දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට අයත් කඳුකර නගරයක් වන තිරුමාලාවේ තිරුපති කෝවිල පිහිටා ඇති අතර වසරකට කෝටි සංඛ්‍යාත බැතිමතුන් තිරුපති වන්දනාව සඳහා එහි පැමිණෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගියදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි නිල සංචාරයක යෙදුණු නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් විසින් ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමැති ජගත් මෝහන් රෙඩ්ඩි හමුවූ අවස්ථාවේ මෙරට තිරුපති කෝවිලක් ඉදිකරන ලෙස ඉල්ලීමක් ද කර ඇති බව සඳහන්.

  • Wayomi

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කුඩා දරුවන්ට වෛරස් රෝගයක් . . .

Sun Mar 31 , 2024
මේ දිනවල කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ, වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට මෙම රෝගය ආසාදනය විය හැකි බවයි. රෝගය වැළඳුණු දරුවන්ගේ මුඛය තුළ හා අත් පා මත කුඩා බිබිලි හට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x